Song Hua Jiang ගංගාව ඊසාන දිග චීනයේ Hei Long Jiang පළාතේ Harbin නගරය හරහා ගලා යන ප්රධාන ගංගාවකි. එහි ඉතා සීතල කාලගුණයත් සමග ම, මේ දින වල එහි සේවකයෝ එම ගංගාවේ මිදී ඇති අයිස් කැබලි නෙළීම සිදු කරමින් සිටිති. එම අයිස් කැබලි Harbin නගරයේ වැදගත් දර්ශනීය ස්ථාන වලටත් විවිධ වීදි වලටත් ප්රවාහනය කර අයිස් මූර්ති නිර්මාණ වලට යොදා ගැනේ.