නව චීනය ජාත්‍යන්තර වේදිකාවට පිවිසීම

2019-10-06 12:00:00
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව චීනය ස්ථාපිතවීමෙන් පසු මුල් භාගයේ මාඕ සේ තුං සභාපතිතුමා “නිවස පිරිසිදු කිරීමෙන් පසුව අමුත්තන්ට ආරාධනා කිරීම”යන රාජ්‍යතාන්ත්‍රික සැලැස්ම ඉදිරිපත් කළා. නින්දිත රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් බේරා ගැනීමේ අධිෂ්ඨානයක් සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලැස්මක් ඉන් පිළිබිඹු වෙනවා. කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර තත්වය තරමක් සමහන් වූ අතර නව චීනයේ ජාත්‍යන්තර කීර්තිය ක්‍රමයෙන් වැඩි වී ති‍බෙනවා. චීන රජයේ නියෝජිත පිරිස ජිනීවා සමුළුවට සහ බන්ඩුන්ග් සමුළුවට සහභාගී වීම නව චීනය ජාත්‍යන්තර වේදිකාවට පිවිසීමේ සාර්ථක අභ්‍යාසයක්.

1954 වසරේ අප්‍රේල් මාසසේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ එවක චීන අගමැති චෞ එන්ලායි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස ජිනීවා සමුළුවට සහභාගී වූවා. ඒ නව චීනය ලෝකයේ ප්‍රධානම රටවලින් එකක් වශයෙන් ජාත්‍යන්තර සමුළුවට එක් වීමේ ප්‍රථම වතාවයි. චෞ එන්ලායි මහතා එකල ස්ථිර ලෙස රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කළා. බොහෝ උත්සාහයන්ගෙන් පසුව සමුළුව “ජිනීවා සමුළුවේ අවසාන ප්‍රකාශයට”එළඹුණා.

ජිනීවා සමුළුව කලකට අත්හිටවූ කාලය තුළ චෞ එන්ලායි මහතා ඉන්දියාවේ හා මියන්මාරයේ සංචාරය කළා. ඔහු වෙන් වෙන් ව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සමඟ ඒකාබද්ධ නිවේදන පළ කළා. සාමකාමී සහජීවනය පිළිබඳ පංච ශීල මුලධර්මය එහිදී යෝජනා කෙරුණා. එම පංච ශීල මූලධර්මයෙන් ජාත්‍යන්තර සබඳතා සමඟ කටයුතු කිරීම සඳහා විශ්වීය මාර්ගෝපදේශයක් බවට පත්වුණා.

1955 වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාවේ බන්ඩුන්ග් හි පැවති ආසියා-අප්‍රිකා සමුළුවට චෞ එන්ලායි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහභාගී වූවා. එම සමුළුවේදී "ආසියා-අප්‍රිකා සමුළු අවසාන ප්‍රකාශයට" පැමිණි අතර ලෝක සාමය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මූලධර්ම දහයක් එහිදී ඉදිරිපත් කෙරුණා. මෙය සැබවින්ම සාමකාමී සහජීවනය පිළිබඳ පංච ශීලයේ තවත් ප්‍රතිමූර්තියක් හා ව්‍යාප්තියක් කියන්නට පුළුවන්.

එම සමුළුවේදී පිළිබිඹු වූ සමගිය, මිත්‍රත්වය සහ සහයෝගීතාව ඇතුළු “බන්ඩුන්ග් ජීවගුණය”ආසියා හා අප්‍රිකා රටවල ජනතාව සාමකාමී සහජීවනයට කැමැත්තෙන් පසුවන අතර යටත් විජිතවාදයට විරුද්ධ වීමේ ඓතිහාසික පරිච්ඡේදයක් ආරම්භ වුනා. ඉන් නව චීනය වඩා වැඩි ජාත්‍යන්තර මිතුරන් සමීප කර ගත්තා.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති