චීන-ඉතාලි කාර්මික කලාපය

2017-10-12 21:17:45
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන-ඉතාලි කාර්මික කලාපය

චීන-ඉතාලි කාර්මික කලාපය

 නිරිතදිග චීනයේ පිහිටි Chong Qing,  මධ්‍යම රජයේ සෘජු පරිපාලනයට ලක් ව ඇති නගරයක්. මෑත වසරවල මේ නගරය සහ ඉතාලිය අතර විවිධ මට්ටමේ වෙළෙඳ සම්බන්ධතා ක්‍රමයෙන් ගොඩ නගා තිබෙනවා. ඉතාලියේ සිට Chong Qing නගරයට පැමිණෙන ව්‍යවසායන් වැඩි වෙමින් තිබෙනවා. ඒ වගේ ම Chong Qing නගරයේ බොහෝ ව්‍යවසායන් ඉතාලියේ තවත් වාණිජ අවස්ථා සොයා ගැනීමට කැමැත්ත දක්වා තිබෙනවා. මෙවන් පසුබිම යටතේ Chong Qing නගරයේ Liang Jiang දිස්ත්‍රික්කයේ චීන-ඉතාලි කාර්මික කලාපය ස්ථාපිත කිරීමට 2015 වසරේදී එම නගරය පියවර ගත්තා. ඒ සඳහා Liang Jiang දිස්ත්‍රික්කය සහ Chong Qing නගරයේ ඉතාලි කොන්සල් කාර්යාලය එකඟතා රැසකට එළඹුණා. චීන-ඉතාලි කාර්මික කලාපය හරහා නිෂ්පාදන, වෛද්‍ය හා සෞඛ්‍ය, අධ්‍යාපන, වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහන, නාගරික සංවර්ධන හා නිපුණතා සංවර්ධන ඇතුළු ක්ෂේත්‍රවල ද්වීපාර්ශවික සහයෝගතා පැවැත්වීම, ඒ අතරින් ප්‍රධාන එකඟතාවක්. චීන-ඉතාලි කාර්මික කලාපය සාම්ප්‍රදායික ආකාරයෙන් යම් ඉඩම් ප්‍රදේශයකට සීමා නොකර Chong Qing සහ ඉතාලි දෙපාර්ශවය සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ස්වභාවය හා අවශ්‍යතා අනුවයි සැකසී තිබෙන්නේ.

මේ වන විට චීන-ඉතාලි කාර්මික කලාපයට ඉතාලි ව්‍යාවසායන් 37ක් පිවිස තිබෙනවා. 2016 වසරේ මෙම කාර්මික කලාපය ඇමෙරිකානු ඩොලර් කෝටි 4ක ආනයන හා අපනයන වෙළෙඳ වටිනාකමක් අත්කර ගැනීමට සමත් වුණා.

චීන-යුරෝපා දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීමෙන් පසු Chong Qing නගරයේ විදේශ වෙළෙඳාමට නව රුකුලක් ලැබී තිබෙනවා. එය, Chong Qing නගරය සහ ඉතාලිය අතර භාණ්ඩ ප්‍රවාහනය හා වෙළෙඳ හුවමාරු සඳහා පහසු මාර්ගයක් සපයා දී තිබෙනවා. චීන-යුරෝපා දුම්රිය මාර්ගය සහ Chong Qing නගරයේ Guo Yuan වරාය වැනි දියුණු ප්‍රවාහන ක්‍රම මගින් චීන-ඉතාලි කාර්මික කලාපයේ  සංවර්ධනය වඩාත් ඉදිරියට ගෙන යාම Chong Qing නගරයේ ඊළඟ අරමුණයි.

 

Sheng 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති