චීනය MasterCard සමාගමේ වැදගත් ම වෙ‍ළෙඳ පොළක්

2017-10-12 17:37:48
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

MasterCard චීනයට ප්‍රවේශ වූ පළමුවැනි ජාත්‍යන්තර බැංකු කාඩ්පත් ආයතනයක් ලෙසට සැල‍කෙනවා. වසර 31ක් පුරා චීනයේ මූල්‍ය ව්‍යාපාර සිදුකරන MasterCard චීන පාරිභෝගිකයන්ට පහසුකම් නිර්මාණය කරන අතරතුර චීනයේ අධි වේගී ආර්ථික සංවර්ධනයේ සාක්ෂිකරුවෙක්ද වෙනවා. වි‍ශේෂයෙන් ම ගෙවී ගිය වසර පහ තුළ, චීනය තම සමාගමට වැදගත් ම වෙළෙඳ පොළක් බවට පත් ව ඇතැයි MasterCard සමාගම ප්‍රකාශ කර තිබෙනවා. MasterCard චීන කලාපය පිළිබඳ සභාපති චාං චින්ග් මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් මෙසේ විස්තර කළා. 

“MasterCard චීනයට ප්‍රවේශ වී වසර 31ක් ගත වුණා. ගෙවි ගිය වසර පහ, MasterCard චීනයේ ව්‍යාප්ත කිරීමේ හොඳ ම වසර පහයි. ‍ගෝලීය වශයෙන් අපේ සමාගමේ වැදගත් ම වෙළඳ පොළ බවට චීනය පත් වෙලා තිබෙනවා. ගෙවි ගිය වසර කිහිපයේදී, අපි චීනයේ බැංකු 40කට වැඩි සංඛ්‍යාවක් සමඟ සහයෝගතා පවත්වා සියයකට වැඩි අලුත් නිෂ්පාදිතයන් දියුණු කර ගත්තා.”

සිදු වූ සීඝ්‍ර වර්ධනයට හේතුව වන්නේ චීනයේ අධි වේගී සංවර්ධනය බව චාං චින්ග් මහතා සඳහන් කරනවා. චීන පාරිභෝගිකයන් විදේශයන්හි මුදල් ගනුදෙනු ධාරිතාව ඉහළ යාම ඊට තවත් හේතුවක්. අදාළ සංඛ්‍යාලේඛනයන්ට අනුව, පසුගිය වසරේ චීනයේ විදේශ සංචාරවල නිරත පුද්ගල වාර ගණන කෝටි 12 ඉක්මවා ‍ගොස් තිබෙනවා. එහි මුදල් ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 110කට ළඟා වුණා. චීනය ලෝකයේ විශාලත ම විදේශ සංචාරයේ යෙදෙන රට මෙන්ම වි‍ශාලත ම විදේශ සංචාර වෙළදපළ බවට පත් ව තිබෙනවා.



Shi  Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති