නිර්මාණශීලීත්වය චීනයේ ශෙන් චෙන් නගරයේ විශේෂත්වයයි

2017-10-06 12:00:00
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නිර්මාණශීලීත්වය චීනයේ ශෙන් චෙන් නගරයේ විශේෂත්වයයි

මේ වසරේ අගෝස්තු මාසයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇෆ්ගනිස්ථානය පිළිබඳ නව ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමෙන් පසු ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ පළමු ඇෆ්ගනිස්ථාන  සංචාරය මෙය වේ.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මාටීස් මහතා සහ නේටෝ මහලේකම් ජෝන්ස් ස්ටෝලන්බර්ග් මහතා ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්රෆ් ගානි මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වූහ.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා එම හමුවේදී පැවසුවේ, ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයට යවන භටයන්ගේ සංඛ්‍යාව තවම අපැහැදිලි නමුත් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදාවට වැඩි ප්‍රතිලාභ සපයනු ඇති බවයි.

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයට නව උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම පිළි ගන්නා බව නේටෝ මහලේකම්වරයා එහිදී සඳහන් කළේ ය.  සාකච්ඡා සඳහා නැවත එක් වන ලෙස නේටෝ සංවිධානය තලෙයිබාන් පාර්ශවයට ආයාචනා කරයි.

ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා 2020 වසර වන තෙක් වාර්ෂිකව ඇෆ්ගනිස්ථාන හමුදාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහන මුදලක් ලබා දීමට නේටෝ සංවිධානය පියවර ගෙන ඇතැයි නේටෝ මහලේකම්වරයා පැවසීය.



Hao / Sheng


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති