ජංගම දුරකථනය පමණක් රැගෙන ගමන් බිමන් යන ප්‍රවණතාවක් චීනයේ

2017-09-27 11:14:20
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අපි යම් ගමනක් යන විට පසුම්බිය රැගෙන යන එක සාමාන්‍ය පුරුද්දක්. එහෙත් තාක්ෂණය දියුණු වීමත් සමඟ විශේෂයෙන් ම ජංගම ගෙවීම් සේවා පහසුකම් පුළුල් වීම හේතුවෙන් දැන් චීන ජනතාව‍ගේ මුදල් ගනුදෙනු ක්‍රමය වෙනස් වෙමින් පවතිනවා. පසුම්බිය නොමැතිව ජංගම දුරකථනය පමණක් රැගෙන පිටතට යෑම චීනයේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. අදාළ සංඛ්‍යාලේඛනයන්ට අනුව, 2016 වසරේ චීනයේ ජංගම ගෙවීම් හා සම්බන්ධ වූ මුදල් වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 157 ඉක්මවා ගොස් තිබෙනවා. චීනයේ බෙයිජිං නගරයේ බොහෝ සුපිරි වෙළඳසැල්, රෝහල් සහ ඖෂධාගාර ඇතුළු ස්ථානවල ජංගම ගෙවීම් උපකරණ ස්ථාපිත කර තිබෙනවා. කුඩා වෙළඳ සැල් හෝ පෞද්ගලික ව්‍යාපාරිකයන් නම් විශේෂ මුදල් ගෙවීමේ සංකේතයක් ලබා දෙනවා. පාරිභෝගිකයන්ට තම දුරකථනයෙන් එය පරිලෝකනය කර අදාල ගෙවීම් සිදු කරන්න පුළුවන්.


ජංගම දුරකථනය පමණක් රැගෙන ගමන් බිමන් යන ප්‍රවණතාවක් චීනයේ


මීට අමතරව, චීන ජනතාවගෙන් වැඩි පිරිසක් විදේශ සංචාරවල නිරත වීම හේතුවෙන් Alipay සහ Wechat යන මෘදුකාංග මඟින් මුදල් ගෙවීමේ සේවය දැන් විදේශයන්හි පවා ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැනට Alipay ගෙවීම් සේවය කලාප හා රටවල් 26කට ප්‍රවේශ වී තිබෙනවා. විදේශ මුදල් වර්ග 18ක් ඊට සම්බන්ධ වෙනවා. ඒ වගේම Wechat ගෙවීම් සේවය දැනට කලාප හා රටවල් 15ක ව්‍යප්ත වී තිබෙනවා. ඊ‍‍ට සම්බන්ධ විදේශ මුදල් වර්ග ගණන 12ක්. මුදල් නොමැතිව පිටතට යාමට බියවූ ඉතිහාසයක සිට ජංගම දුරකථනය රැගෙන ලොව පුරා ගමන් කළ හැකි වර්තමානයක් බවට චීන සමාජය පරිවර්තනය වී ති‍බෙනවා.



Shi   Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති