හරිත සංවර්ධනයට හා ජෛව සුරක්ෂිතාව සඳහා චීනයේ දායකත්වය

2017-09-21 14:05:17
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෑත වසර කිහිපය තුළ හරිත සංවර්ධනය හා ජෛව සුරක්ෂිත කිරීමේ ක්ෂේත්‍රවලට චීනය විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ, නව සැලැසුම් හා ආර්ථික වර්ධන ව්‍යුහය මගින්.

හරිත සංවර්ධනයට හා ජෛව සුරක්ෂිතාව සඳහා චීනයේ දායකත්වය

 

චීනයේ 7 වැනි විශාලතම කාන්තාරය වන කුබූචි කාන්තාරය පිහිටා තිබෙන්නේ චීනයේ ඇතුළු මොංගෝලි‍යා ස්වායත්තයේ. එම කාන්තාරයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 18 දහසක්. දැනට එම කාන්තාරයේ භූමි ප්‍රමාණයෙන් තුනින් එකක භූමිය හරිත කලාපයක් බවට පත්ව තිබෙනවා. ලෝක වන ආවරණ අනුපාතය ඉහළ යාමේ වැදගත් හේතුවක් වන්නේ චීන වන රෝපණ කටයුතු විශාල වශයෙන් ක්‍රියාත්මක කිරීමයි.

හරිත සංවර්ධනයට හා ජෛව සුරක්ෂිතාව සඳහා චීනයේ දායකත්වය

 

හරිත, අඩු කාබන්, ප්‍රතිචක්‍රීයකරණය හා අඛණ්ඩව වර්ධන කළ හැකි නිෂ්පාදන හා ජීවන ක්‍රමය තුළින් චීනය හරිත සංවර්ධනය හා ජෛව සුරක්ෂිතාව සඳහා දැනට ක්‍රියත්මක කරමින් සිටිනවා. 2030 වන විට දේශීය නිෂ්පාදන තුළින් කාබන්-ඩයොක්සයිඩ් වායු විමෝචනය 2005 වසරේ සිදු කළ ප්‍රමාණයෙන් සියයට 60 කින් හෝ 65 කින් අඩු කරන බවට චීනය ප්‍රතිඥ දී තිබුණා. පසුගිය වසර තුනක කාලය තුළ ලෝක කාබන් විමෝචන ප්‍රමාණය වැඩි නොකිරීමේ හේතුව චීනය ලබා දුන් විශාල දායකත්වය බවට බොහෝ විශේෂඥයෝ විශ්වාස පළ කළා.

 

ගල් අඟුරු හා ඛනිජ තෙල් යන බලශක්ති සම්පත්, වායු දූෂණය හා හරිතාගාර වායූ විමෝචනයේ ප්‍රධාන මුලාශ්‍ර වනවා. බලශක්ති සම්පත් ව්‍යුහය වෙනස් වීමෙන් පවිත්‍ර බලශක්ති සංවර්ධනය කිරීමේ චීනය නියැළි සිටිනවා. වසර කිහිපයක සිට අඛණ්ඩව තාක්ෂණ නවිකරණයන් මගින් ප්‍රතිචක්‍රීයකරණ සම්පත් නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානයක චීනය සිටිනවා.ඒ අනුව ලෝකයේ ප්‍රතිචක්‍රීයකරණ සම්පත් නිෂ්පාදන විශාල රටක් බවට මේ වන විට චීනය පත්ව තිබෙනවා.

 

චීනය විදෙස් රටවල ව්‍යාපෘති ඉදි කරන විට හරිත සංවර්ධනය හා ජෛව සුරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා. කෙන්යාවේ නයිරෝබි අගනුවර සිට නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම වාරය වන මොම්බාසා දක්වා වන මොම්බාසා-නයිරෝබි දුම්රිය මාර්ගය චීනය විසින් ඉදි කළා. බලශක්ති පිරිමැසීම, අවම දූෂණ නව දුම්රියක් ලෙස එම දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී කෙන්යාවේ ජෛව පරිසරය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව කෙරෙහි චීනය අවධානය යොමු කළා. එම ප්‍රදේශයේ වන සතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී සතුන්ගේ ජිවිතවලට බලපෑම් අඩු කිරීම සඳහා අදාළ චීන සමාගම විවිධ පියවර ගත්තා.

හරිත සංවර්ධනයට හා ජෛව සුරක්ෂිතාව සඳහා චීනයේ දායකත්වය

හරිත සංවර්ධනයට හා ජෛව සුරක්ෂිතාව සඳහා චීනයේ දායකත්වය

 

දැනට එම දුම්රිය මාර්ග අසල අලි වැනි සත්ව විශේෂ නිදහසේ සැරිසරන දර්ශන දැකිය හැකියි. එමඟින් සත්ව ජිවිත වලට බලපෑම් නොවන බව කෙන්යාවේ පරිසර හා ස්වභාවික සම්පත් උප අමාත්‍යවරයා පැවසූවා.

හරිත සංවර්ධනයට හා ජෛව සුරක්ෂිතාව සඳහා චීනයේ දායකත්වය



Sun/Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති