ඊශ්‍රායල මහාචාර්යවරයෙකු දුටු චීනය

2017-09-14 21:30:09
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


ඊශ්‍රායල මහාචාර්යවරයෙකු දුටු චීනය

ඊශ්‍රායල මහාචාර්යවරයෙකු දුටු චීනය


මහාචාර්ය Yuri Pines මහතා ඊශ්‍රායලයේ Hebrew විශ්වවිද්‍යාලයේ චීන සංස්කෘතිය පිළිබඳ විශේෂඥයෙක්. ඔහුගේ බිරිඳ චීන ජාතිකයෙක්. ඇය චීනයේ බෙයිජිං විශ්වවිද්‍යාලයේ යුදෙව් භාෂාව පිළිබඳ සහකාර මහාචාර්වරියක්. එබැවින් ඊශ්‍රායල ජාතිකයෙක් වන Yuri Pines මහතාට චීනය සමග දැඩි බැඳීමක් තිබෙනවා.


Yuri Pines මහතා ප්‍රථම වරට චීනයට පැමි‍ණියේ වසර 1992දී. එතැන් සිට පර්යේෂණ හා ඉගැන්වීම් කටයුතු සඳහා‍ සෑම වසරක් ම ඔහු චීනයට පැමිණෙනවා. 1992 වසරේ සිට අද දක්වා වසර 25ක් ගෙවී ගිහින්. චීනයට සිදු වී ඇති විශාල විපර්යාස ඔහු සියැසින් දැක තිබෙනවා.


මීට වසර 20කට පමණ පෙර Yuri Pines මහතා චීනයේ Tian jin නගරයේ Nan Kai විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කළ කාලයේ නිතරම Tian jin හා Bei jing යන නගර දෙක අතර යන්න එන්න වුණා. ඒ හැම ගමනක් සඳහා පැය ගාණක් ගත වුණා. ඒත් දැන් එම නගර දෙක අතර ගමන් ගන්න අවශ්‍ය වන්නේ විනාඩි 35ක් පමණයි. ඒ විතරක් නෙමෙයි, දුම්රිය පොළේ පෝලිමේ ඉඳගන්නේ නැතුව අන්තර්ජාලයෙන් ම දුම්රිය ප්‍රවේශ පත්‍ර මිළදී ගන්න පුළුවන්. මෙවැනි සුළු කාරණයෙන් වුණත් චීනයේ යටිතල පහසුකම් සංවර්ධනය ඉතා ඉහළ මට්ටමින් පවතින බව පිළිබිඹු විය හැකි බව Yuri Pines මහතා පවසනවා.  නාගරික ප්‍රදේශවල පමණක් නොව දියුණු ආර්ථිකය නොතිබෙන ප්‍රදේශවල ද මහ මාර්ග වැනි යටිතල පහසුකම් දකින්න ලැබෙනවා. තමන් ගමන් කර ඇති අධිවේගී මාර්ගයකට චීනය කළ ආයෝජනය තමන්ගේ රට වන ඊශ්‍රායලයේ සියලු අධිවේගී මාර්ගවල ආයෝජනවලට වඩා ඉහළ බව Yuri Pines මහතා පවසනවා. මෙය, ඇත්තෙන් ම චීනය අත්කර ගෙන ඇති විශිෂ්ට ජයග්‍රහණයක්.


චීන ආර්ථික වර්ධනය විවිධ ක්ෂේත්‍රවල දක්නට ලැබෙනවා. ඒ අතරින් අන්තර්ජාල ආර්ථිකය ඉතා කැපී පෙනෙන බව Yuri Pines මහතා කියනවා. ගමනාගමන ප්‍රවාහන සේවා, සංචාරක පහසුකම්, සාප්පු සවාරි, පාරිභෝගික ගාස්තු ගෙවීම්, අධ්‍යයන පාඨමාලා ඉගෙනුම යනාදි නොයෙක් අවශ්‍යතා අන්තර්ජාලය මගින් සපුරාලීමට චීනයේදී හැකි වෙලා තිබෙනවා. මෙවන් අන්තර්ජාල ආර්ථික රටාව තුළින් චීන ආර්ථිකය වඩාත් ශක්තිමත් කර තිබෙන අතර ජනතාවගේ ජීවිතය පෙරට වඩා කාර්යක්ෂමතාවෙන් යුතුව පහසු කර තිබෙනවා.


විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ චීනය ලද ජයග්‍රහණය Yuri Pines මහතා ඉතා ඉහළින් අගය කළා. තමන් උගන්වන Hebrew විශ්වවිද්‍යාලයේ බොහෝ පීඨ චීනයේ Qing Hua විශ්වවිද්‍යාලය සහ Beijing විශ්වවිද්‍යාලය සමග සහයෝගය පවත්වන බව ඔහු පවසනවා.මෙය ද තමන්ට කලින් හිතා ගත නොහැකි ප්‍රගතියක්. චීනය ආර්ථිකය වර්ධනය කරන අතරතුර සිය සංස්කෘතික බලපෑම් ලොව පුරා වඩාත් ශක්තිමත් කළ යුතු බව ද Yuri Pines මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති