චීන-යුරෝපා දුම්රිය මාර්ගය ජිං හයි පළාතේ ගෝලීය වෙළෙඳාමට රුකුලක්

2017-09-14 21:19:51
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන-යුරෝපා දුම්රිය මාර්ගය ජිං හයි පළාතේ ගෝලීය වෙළෙඳාමට රුකුලක්

චීන-යුරෝපා දුම්රිය මාර්ගය ජිං හයි පළාතේ ගෝලීය වෙළෙඳාමට රුකුලක්


චීනයේ ජිං හයි- ටිබෙට් සානුවේ පිහිටි ජිං හයි පළාත සම්පත්වලින් පිරි ප්‍රදේශයක්. කාශමීර ලොම් නිෂ්පාදිත හා ජිං හයි සුළු ජාතික ඇඟලුම් එම පළාතේ ආවේණික නිෂ්පාදිත වශයෙන් පැරණි කාලයේ සිට මුහුදු සේද මාවත හරහා‍ ලෝකයේ විවිධ රටවලට ගෙන යනු ලැබුවා. ජිං හයි-ටිබෙට් සානුවේ භුගෝලීය පිහිටීම හේතුවෙන් එම නිෂ්පාදිත ප්‍රථමයෙන් ගොඩබිම් ප්‍රවාහනයෙන් චීනයේ අභ්‍යන්තර ප්‍රදේශ පසු කරගෙන ගොස් මුහුදු වෙරළේ සිට නෞකා මාර්ගයෙන් විවිධ රටවලට ප්‍රවාහනය කරනු ලබනවා. ඒ සඳහා දිගු කාලයක් ගත වෙනවා. එබැවින් වෙළෙඳ භාණ්ඩ අපනයනය කිරීමේදී සෙසු පළාත් හා සසඳන විට ජිං හයි පළාතට තිබෙන්නේ අවම මට්ටමේ තරගකාරීත්වයක්.


චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාළ රටවල් සමග වඩාත් සමීප වෙළෙඳ සම්බන්ධතා ගොඩ නැගීමට හැකි වෙලා ති‍බෙනවා. ඒ තුළින් ජිං හයි පළාතට වඩාත් පුළුල් වෙළෙඳ අවස්ථා ද උදා වෙලා.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට චීන-යුරෝපා දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කළා. එහි ප්‍රථම දුම්රිය ධාවනය පසුගිය සැප්තැම්බර් 8වැනි දා ජිං හයි පළාතේ ශි නිං අගනුවර සිට ආරම්භ වුණේ එම පළාතේ ආවේණික භාණ්ඩ දුම්රිය කුටි 44කින් යුක්තවයි. ශි නිං අගනුවරින් පටන් ගත් දුම්රිය ධාවනය චීන-කසක්ස්ථාන දේශ සීමා මායිමේ පිහිටි අලාශන් දුර්ගයෙන් පිට වී කසක්ස්ථානය, රුසියාව, පෝලන්තය හා ජර්මනිය පසු කරගෙන බෙල්ජියමේ 2වැනි විශාලතම නගරය වන Antwerp නුවරට ළඟා වුණා. චීන-යුරෝපා දුම්රිය මාර්ගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 9838ක්. මුළු ගමන් මාර්ගයට දින 12ක් අවශ්‍ය වෙනවා. භාණ්ඩ ප්‍රවාහනය සඳහා මීට පෙර තිබුණු සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රමයට වඩා මෙම දුම්රිය මාර්ගය මගින් දින 40කට වැඩි කාලයක් ඉතිරි වෙනවා. එබැවින් චීන-යුරෝපා දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීමෙන් ජිං හයි පළාතේ විදේශ වෙළෙඳාමට විශාල රුකුලක් ලැබී තිබෙනවා.


පසුගිය වසරේ ජිං හයි පළාත එක් තීරයක් එක් මාවතක් රටවල් සමග සිදු කළ වෙළෙඳාමෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 51ක ලාභයක් හිමි වුණා. එය 2015 වසරට වඩා 12.7%ක වර්ධනයක් බව ජිං හයි පළාතේ වාණිජ දෙපාර්තමේන්තුවේ විදේශ වෙළෙඳ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වං ලී මින් මහතා පවසනවා. මේ වන විට ජිං හයි පළාත රටවල් 64ක් සමග වෙළෙඳ සම්බන්ධතා වර්ධනය කර තිබෙනවා. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීන-යුරෝපා දුම්රිය මාර්ගය ජිං හයි පළාතේ ගෝලීය වෙළෙඳ පරාසය තව තවත් පුළුල් කිරීමට ස්ථාවර සහයක් ලබා දෙන බව නොඅනුමානයි.

 

 

Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති