ඡින්ග් හයි-ටිබේට් සානුවේ අධ්‍යපාන ව්‍යායාමය ඉදිරියට ගෙන යෑමට වෑයම් දරමින් සිටින ගුරුවරියක්

2017-09-13 15:01:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඡින්ග් හයි-ටිබේට් සානුවේ අධ්‍යපාන ව්‍යායාමය ඉදිරියට ගෙන යෑමට වෑයම් දරමින් සිටින ගුරුවරියක්


චීනයේ ඡින්ග් හයි පලාතේ ගුවෝ ලුවෝ ප්‍රාන්තයේ මා ඡිං කෝරළයේ පළමුවැනි ජාතික ප්‍රාථමික පාසල ස්ථාපිත කෙරුනේ වසර 1959යේදීයි. වර්තමානයේ එම පාසලේ සිසුන් 940 දෙනෙක් සහ ගුරුවරුන් 42 දෙනෙක් සිටිනවා. එම පාසැල ගුවෝ ලුවෝ ප්‍රාන්තයේ අලංකාරම දර්ශනීය ස්ථානය කියලා එහි වැසියන් පවසනවා. එහි ගුරුවරුන් පාසලේ සංවර්ධනය වෙනුවෙන් උත්සහ දරමින් සිටිනවා.

වැන් ඡුවෙන් සියං මහත්මිය එම ගුරුවරුන් අතරින් එක් කෙනෙක්.

“ගුරුවරිය අපේ හවුල්කාරියක වගේ හැම දා ම අපිත් එක්ක ඉන්නවා. ඇය පන්තිවලදී අපට දැනුම ලබා දෙනවා. ඒ වගේම ජීවිතයේ යහපත් මනුෂ්‍යයෙක් වන්නේ කොහොමද කියලා  ඇය අපට කියා දෙනවා.” කියා වැන් ඡුවෙන් සියං ගුරුවරියගේ ශිෂ්‍යාවක් පැවසුවා.

වැන් ඡුවෙන් සියං මහත්මිය මා ඡිං කෝරළයේ පළමුවැනි ජාතික ප්‍රාථමික පාසලේ චීන භාෂා ගුරුවරියක්. ඇය 2014 වසරේ පලාත් මට්ටමේ ජ්‍යෙෂ්ඨ ගුරුවරියක ලෙසට තේරී පත් වුනා. මා ජිං කෝරළයේ චීන කොමියුනිස්ට්වාදී තරුණ කමිටුව, එම කමිටුවේ නිළධාරිනියක වශයෙන් සේවය කිරීමට වැන් ඡුවෙන් සියං මහත්මියට ආරාධනා කළා. ඒත් ඇය එය ප්‍රතික්ෂේප කළා. මා ඡිං කෝරළයේ පළමුවැනි ජාතික මධ්‍යම පාසැල එම පාසලේ උප විදුහල්පතිවරිය ‍වශයෙන් සේවය කරන ලෙස ඇයට ආරාධනා කළා.  වැන් ඡුවෙන් සියං මහත්මිය එය ද  ප්‍රතික්ෂේප කළා.

“සාමාන්‍ය ගුරුවරියක වශයෙන් සේවය කරන්න විතරයි මම කැමති.  වේදිකාවේදී සිසුන්ට දැනුම් ඉගැන්වීම මගේ ‍ලොකු සතුටක්. පාසල් කටයුතු හේතුවෙන් මම නිතරම මහන්සි වන නමුත් ගුරුවරියක වශයෙන්  ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ.”කියා වැන් ඡුවෙන් සියං පැවසුවා .

වැන් ඡුවෙන් සියං, ඉපදුනේ හා හැදුණේ වැඩුනණ් ඡින්ග් හයි පලාතේ ගුවෝ ලුවෝ ප්‍රාන්තයේ. ඇගේ දෙමව්පියන් ද ගුරුවරුන්. පවුලේ පරිසරය හේතුවෙන් ඇය ගුරු අධ්‍යාපන ආයතනයක උපාධි ලබා ගැනීමෙන් පසු උපන් ගමේ ප්‍රාථමික පාසැලක ගුරුවරියක වශයෙන් සේවය කරනවා. වසර 17ක් පුරා ඇය මේ පාසලේ සේවය කර තිබෙනවා. ඇය පාසලේ සංවර්ධනය හා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැප වීමෙන් කටයුතු කරන ඇය සිසුන් සමග ගැඹුරු හැඟීම් ඇති කර තිබෙනවා.

ගුවෝ ලුවෝ ප්‍රාන්තයේ වැන් ඡුවෙන් සියං වැනි හොඳ ගුරුවරුන් රැසක් ඉන්නවා. ඔවුන් දුෂ්කර පරිසරයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් දරුවන්ට අපූරු අනාගතය නිර්මාණය කිරීම සඳහා උත්සාහ දරමින් සිටිනවා.

වර්තමානයේ ඡින්ග් හයි පලාත් රජය ජාතික අධ්‍යාපන ව්‍යායාමය ඉදිරියට ගෙන යෑමට විවිධ ප්‍රායෝගික විධිවිධාන යොදා ගෙන තිබෙනවා. පාසැල්වල ගුරු සම්පත් තහවුරු කිරීම සහ ගුරුවරුන්ගේ ආදායම් වැඩි කිරීම ඒ අතරින් ප්‍රධාන විධිවිධානයි.



Hao, Sheng







ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති