චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ ප්‍රමුඛත්වයෙන් සුව පහසු ජීවිතයක්

2017-09-13 14:44:22
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජනතාව වෙනුවෙන් සේවය කිරීම යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික සංකල්පයයි. රට ඉදිරියට මෙහෙයවීමේදී විවිධ ක්ෂේත්‍ර වල රැඳී සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් විශාල කැපවීමක් සිදු කරනවා.  Seguola චීනයේ ටිබෙට් ස්වායත්තයේ කුඩා ගම්මානයක්. 2012 වසරේදී එම ගම්මානය දිළිදු ගම්මානයක් ලෙසට හැදින්වුණා. එහෙත් ගෙවි ගිය වසර පහ තුළ, එහි සියලු වැසියන් එකමුතුවෙන් පශූ සම්පත් හා වගා කර්මාන්තය වර්ධනය කරමින් දිළිඳුකම තුරන් කරමින් සුව පහසු ජීවිතයක් ඇති කර ගැනීමට සාර්ථක වුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ Seguola ගම්මාන කමිටු ලේකම් Qiao Ciren ඊට දැක්වූ ප්‍රයත්නය අගය කරන බව එහි වැසියන් මාධ්‍යවේදීන් අමතා පවසනවා. ඔහුගේ ප්‍රමුඛත්වයෙන් Seguola ගම්මානයේ සෑම පවුලකම චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙක් සිටිනවා.


චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ ප්‍රමුඛත්වයෙන් සුව පහසු ජීවිතයක්


චීන කොමියුනිස්ට් පක්ෂයේ Seguola ගම්මාන කමිටු ලේකම් Qiao Ciren මහතා මෙසේ විස්තර කර තිබේ-

“ හැමදාම අපි කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් රැස් වෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙක් වශයෙන් දැරිය යුතු වගකීම හා තිබෙන අයිතිය පැහැදිළිව හඳුන්වා දෙනවා. ඔවුන් හරහා තම පවුලට බලපෑමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. 2013 වසරේ දිළිඳුකමෙන් මුදවා ගැනීමේ අරමුදලක් අප ඉල්ලා ගත්තා. යුවාන් ලක්ෂ පහක්. එය හා අපේ චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගෙන් රැස් කරගත් යුවාන් ලක්ෂයක මුදලක් එකට එකතු කරලා කුකුළු ගොවිපොළක් ඉදි කළා. වසරකින් පසු, ලාභය බෙදා ගැනීමට අපට හැකි වුණා. ඊට පස්සේ, සාමාන්‍ය වැසියන් ඊට සම්බන්ධ වීමේ උනන්දුව වැඩි වුණා. ඊටත් පස්සේ අපි පශූ ගොවිපොළ හා පලතුරු වගාවන්ද  ඇති කළා. දැන් අපේ ගම්මානයේ සියලු දෙනා මෙවැනි සාමූහික ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියට එක් වී තිබෙනවා. ”


චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ ප්‍රමුඛත්වයෙන් සුව පහසු ජීවිතයක්


2012 වසරේ, Seguola ගම්මානයේ පවුල් 36ක් හිටියා. ඒ අතර දූප්පත් පවුල් දහයකට වැඩියි. එහෙත්, 2016 වසරේ එහි ඒක පුද්ගල ශූද්ධ ආදායම් චීන යුවාන් විසි දහසකට ළඟා වීමට සමත් වුණා. 



Shi  Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති