දිළිඳු ගම්මානයක් දිළිඳුකමින් මුදා ගැනීමේ අපූරු වැඩපි‍ළිවෙළක්

2017-09-13 14:39:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දිළිඳු ගම්මානයක් දිළිඳුකමින් මුදා ගැනීමේ අපූරු වැඩපි‍ළිවෙළක්


විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වන චීනය, ලෝකයේ දිළිඳුකම අඩු කිරීමේ ව්‍යායාමයට ශක්තිමත් අනුබලයක් ලබා දී  සිටිනවා. 2020 වසර වන විට කෝටි 4කට අධික දිළිඳු ජනතාව සම්පූර්ණයෙන්ම දිළිඳුකමින් මුදවා ගැනීම චීන රජයේ අරමුණයි.

දකුණු චීනයේ ගුවන් සී ස්වායත්තයේ යෞ ජාතික ස්වයං පාලිත කෝරළයේ බා හෞ ගම්මානය කඳු වලින් වටවූ දිළිඳු ගම්මානයක්. එම ගම්මානය පාෂාණ වලින් බහුල නිසා වගාවට සුදුසු බිම් අඩුයි. සීමිත ස්වභාවික සම්පත් යටතේ එහි වැසියන් දිළිඳුකමින් මුදවා ගන්නේ කොහොමද කියලා බලධාරීන්ගේ අවධානය යොමු කළා.

බා හෞ ගම්මානයේ වැසියන් යෞ ජාතිකයින්. ඔවුන් පාරම්පරිකව එම ගම්මානයේ ජීවත් වෙනවා. ලී හා උළු වලින් සෑදු නිවාස වල ඔවුන් වාසය කරනවා. මුළු ගම්මානයේ පවුල් 493කින් සියයට 67ක් දිළිඳුකමින් පෙළෙනවා. දිළිඳුකමින් මුදවා ගැනීම සඳහා, එහි හැම දිළිඳු පවුලක් වෙනුවෙන්ම සහය දෙන නිළධාරියෙකු යවා තිබෙනවා. සහන නිළධාරියා පවුලේ අය සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ ජීවිතය හා නිෂ්පාදනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගෙන දිළිඳුකම පිටුදැකීමේ සැලැස්ම සම්පාදනය කර තිබෙනවා.

එමෙන්ම දිළිඳු පවුල් සඳහා සහන මුදල් ඉල්ලුම් කරන්නන්ටත් එම නිළධාරින් උදව් දෙනවා. උදාහරණයක් වශයෙන්, අධ්‍යාපන සහන මුදල්, අවම ජීවිත ආරක්ෂණ මුදල් හා විශ්‍රාම වැටුප් යනාදිය එයට ඇතුළත්. නිළධාරින්ගේ උදව් යටතේ, නගරවල සේවය කිරීමට සූදානම් ගම්මානවැසියන්ට පුහුණු අවස්ථා ද ලබා දී තිබෙනවා. එයින් ඔවුන්ට හැකි ඉක්මනින් රැකියා නියුක්තිය පිළිබඳ තොරතුරු දැන ගන්න පුළුවන්.

බා හෞ ගම්මානය පිහිටා තියෙන්නේ කඳුකර ප්‍රදේශයකයි. එහි කඳු සහිත මාර්ග ගම්මානයේ සංවර්ධනයට බාධා වී තිබෙනවා. එහි වැසියන්ට සිය කැමැත්තෙන් වෙනත් ප්‍රදේශයකට යාමට චීන රජය අනුබල දෙනවා. ඒත් සමහර වැසියන් ගම්මානය අත්හැර යාමට කැමති නැහැ. ඒ නිසා එහි මහා මාර්ග ඉදි කිරීම එහි වැසියන්ගේ ලොකුම අපේක්ෂාවයි. එහි දුර්වල ගමනාගමන පහසුකම් යහපත් කිරීමට රජයෙන් සහය  ලැබෙනවා.

බා හෞ ගම්මානයේ ප්‍රධාන ලේකම් ටැන් හැන් ෆෙං මහතා පැවසුවේ, 2019 වසරේ එම යෞ ජාතික ස්වයං පාලිත කෝරළය දිළිඳුකමින් සම්පූර්ණයෙන් මුදවා ගැනීම රජයේ අරමුණ බවයි. රජය හා සමාජය බා හෞ ගම්මානය මෙන්ම යෞ ජාතික ස්වයං පාලිත කෝරළය දිළිඳුකම මුදවා ගැනීමේ ව්‍යායාමය පිළිබඳව වැඩියෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ටැන් හැන් ෆෙං මහතා පැවසුවා.



 Hao, Sheng




ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති