පක්ෂ විනය තදින් පවත්වා ගෙන යාමට චීන රජය පූර්ණ පියවර ගනී

2017-09-13 14:07:35
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2012 වසරේ නොවැම්බර් මාසයේ 15වැනි දා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික මණ්ඩලය තේරි පත් වුණා. චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස පත් වූ ෂී චින් පිං මහතා සිය ධුරයට පත් වූ දිනයේ සිට ම දූෂණ මැඬලීම උදෙසා මූලික වී ක්‍රියා කරමින් සිටිනවා. අල්ලස් හා දූෂණයන්ට සම්බන්ධ වූ විවිධ මට්ටම් වල නිළධාරින්ට දඩුවම් ලබා දුන් අතර එමගින් රට තුළ ව්‍යුහාත්මක වශයෙන් දැඩි විනයක් පවත්වා ගැනීම ද ෂී චින් පිං මහතාගේ ප්‍රමුඛත්වයෙන් සිදු වුණා. චීන කොමියුනිස්ට් පක්ෂයට මිලියන 89කට වඩා වැඩි සාමාජිකයින් පිරිසක් සිටිනවා. පක්ෂය තුළ ක්‍රියාත්මක දැඩි පාලනය සියලු සාමාජිකයින්ට පොදුයි. චීනයේ පෙර නොවූ ආකාරයේ උපායමාර්ගික වැඩපිළිවෙළ මගින් දූෂණයෙන් තොර පිරිසිදු රටක් ගොඩනැගීමට හැකි වී තිබෙනවා. ඉන් උදා වන යහපත භූක්ති විඳීමට චීන ජනතාවට හැකිව තිබෙනවා.

වර්තමානයේ චීන කොමියුනිස්ට් පක්ෂය බොහෝ අභියෝගවලට මුහුණ දී සිටින බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා. විශේෂයෙන් යම් යම් නිළධාරින් තම බලය අනිසි ලෙස යොදා ගැනීම, අල්ලස හා දූෂණයට සම්බන්ධ වීම, ජනතාවෙන් දුරස්ථව සිටීම සහ නිලධාරිවාදය ඇතුළු ප්‍රශ්ණ පක්ෂය තුළින් ඉස්මතු වී තිබෙනවා. සමස්ත පක්ෂයට ඒ පිළිබඳ හොඳින් අවබෝධ කර එය දැඩි විනයකින් යුතුව නිරාකරණය කළ යුතු බව චීන ජනාධිපති ෂී චින් පිං මහතා පෙන්වා දී තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සැසිවාරය පැවැත්වීමෙන් පසු 2016 වසරේ අග භාගය වන විට, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසම, චීන රජයේ උසස් මට්ටමේ නිළධාරින් 240 දෙනෙකු පිළිබඳ පරීක්ෂණ සිදු කළා. ඉන් 105 දෙනෙක් අධිකරණ ක්‍රියාදාමයන්ට යොමු කෙරුණා. ඒ පමණක් නොව, ගෙවී ගිය වසර පහ තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික මට්ටමේ සාමාජිකයන් හා රාජ්‍ය ‍නිළධාරින් ලක්ෂ 16කට වඩා වැඩි පිරිසකට දඩුවම් ලබා දී තිබෙනවා.

පිරිසිදු පක්ෂයක් බිහි කිරීම සඳහා චීන රජය දක්වන කැපවීම ජනතාවගේ ප්‍රශංසාවට ලක් වී තිබෙනවා. එමෙන්ම පිරිසිදු දේශපාලන වාතාවරණයක් රට තුළ නිර්මාණය වී ඇති බව චීන ජනතාව තදින් විශ්වාස කරනවා. එය ඔවුන්ගේ ඉදිරි අපේක්ෂාවක් ද වෙනවා. පක්ෂ පාලනය අතින් දැවැන්ත ජයග්‍රහණයක් අත් කර ගත් චීන රජය ඉදිරියේදී සැළසුම් කර ඇත්තේ කුමන ක්‍රියාකලාපයක් ද යන්න පිළිබඳව අප බලාපොරොත්තු සහගතව බලා සිටිනවා.

 

Shi  Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති