දිළිඳුකමෙන් මුදවා ගන්නා ගුවන් බලාගාරය

2019-09-20 15:27:08
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සවස් කාලයේදී, චීනයේ Hainan පළාතේ Wuzhishan නගරයේ Tongshi හි ගම්මානයකදී, ගැමියෝ පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටියා.

මෙම පැසිපන්දු පිටිය ටිකක් වෙනස් එකක්. එහි මීටර් 7 ක් ඉහළින් ඡායා වෝල්ටීයතා පැනල්(Photovoltaic panel) සිය ගණනක් සවි කර තිබෙනවා.

Tongshi උපනගරයේ ප්‍රධාන ලේකම් Fuyana මහත්මිය පැසිපන්දු තරඟය නරඹන අතර දිනපතා විදුලි උත්පාදන සංඛ්‍යාව සටහන් කර ගත්තා. ඇයගේ සංඛ්‍යාලේඛනවලට අනුව, එක් දිනක ඡායා වෝල්ටීයතා විදුලි උත්පාදනය(Photovoltaic power generation) කිලෝවොට් පැය තුන්සිය අනූතුනයි දශම එකක් (393.1 kWh) වන අතර එහි වටිනාකම චීන යුඇන් තුන්සිය තිසිහතරයි දශම එකක්(334.1). මේ වන තෙක් ඡායා වෝල්ටීයතා විදුලි උත්පාදනය ඔස්සේ ලබා ගත් සමස්ත ආදායම චීන යුඇන් ලක්ෂ එකයි දශම දෙකක්(121988) බව සඳහන්.

ඡායා වෝල්ටීයතා පැනල්වලින් සාදන ලද මෙම ගුවන් බලාගාරයෙන් මේ පැසිපන්දු පිටියට ලැබෙන්නේ හිරු එළිය විතරක් නෙමෙයි, එය ගැමියන්ගේ “රත්රන් පැනල” බවටත් පත්ව ඇතැයි Fuyana මහත්මිය පැවසුවා.

මීට පෙර Tongshi උපනගරයට ආදායම් ලබා ගැනීමේ කිසිදු ක්‍රමයක් තිබුණේ නැති බව‍‍ ඇය පවසනවා. සමස්ත උපනගරයේ පවුල් දෙසිය අසූඅටක්(288) අතරින් එකසිය දෙකක්(102) සිටින්නේ දිළිඳු තත්ත්වයේයි.

ර‍ජයේ දිළිඳුකමෙන් මුදවා ගැනීමේ ප්‍රතිපත්තිය යටතේ, පසුගිය නොවැම්බර් මාසයේ දී මෙම ගුවන් බලාගාරය ඉදි කර තිබෙනවා. ගුවන් බලාගාරයේ වාර්ෂික ආදායම චීන යුඇන් ලක්ෂයයි දශම පහක් පමණ වන අතර වසර විස්සක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා Fuyana මහත්මිය වැඩි දුරටත් සඳහන් කළා.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති