ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය චීන සංවර්ධනයට ප්‍රබල ශක්තියක්..... චීන- දකුණු කොරියා හුවමාරු සංගමයේ සභාපති

2019-01-04 14:14:09
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සර සැමරුම් සමුළුව පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ බෙයිජිංහි දී පැවැත්වූණා.එම සමුළුවට එක් වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රධාන දේශනයක් ඉදිරිපත් කළා.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ විවිධ ක්ෂේත්‍රවල අවධානය යොමු වූණා. 21 වැනි සියවසේ දකුණු කොරියා-චීන හුවමාරු සංගමයේ සභාපති Kim Han Kyu මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූණා. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය චීන සංවර්ධනයට ප්‍රබලතම ශක්තිය ලබා දෙමින් චීනයට ඉමහත් ජයග්‍රහණ උදා කර දුන් බව ඔහු ප්‍රකාශ කළා.

21 වැනි සියවසේ 21 වැනි සියවසේ දකුණු කොරියා-චීන හුවමාරු සංගමය 2000 වසරේ එවක චීන අගමැතිවරයා වූ Zhu Rongji මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණා. එම සංගමය දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට අයත් සිවිල් සංගමයක්. එරටේ හිටපු දෙශ්පාලන නායකයන් සහ විදේශ කටයුතු හා සංස්කෘතික යන ක්ෂේත්‍රවල පුද්ගලයන් ඊට ඇතුළත් වූණා. දෙරටේ සම්බන්ධතාව තහවුරු කරමින් පූර්ණ සංවර්ධනයක් අත්පත් කරගැනීම එම සංගමයේ ප්‍රධාන අරමුණයි.

78 හැදැරිදි Kim Han Kyu මහතා දකුණු කොරියාවේ ප්‍රවීණ දේශපාලනඥයෙක්. ඔහු 280 වතාවක් චීනයේ සංචාරය කර තිබෙනවා. චීනයේ පරම්පරා කිහිපයක නායකයින්ද හමු වී තිබෙනවා. 1992 වසරේ දෙරටේ රාජතාන්ත්‍රික සම්බන්ධාව ස්ථාපිත කිරීමෙන් පසු ගතවූවසර 20 ක කාලය තුළ ඔහු දෙරටේ මිත්‍රත්වය,හුවමාරු පිළිබඳව වැඩකටයුතු කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සර සැමරුම් සමුළුවේදීචීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරි පත් කළ ප්‍රධාන දේශනය පිළිබඳව Kim Han Kyu මහතා ඉහළින් අගය කළා.

ඔහු කී පරිදී, චීන නායකයන්ගේ ශ්‍රේෂ්ඨ සංකල්පයන් හා ශක්තිමත් නායකත්වය හරහා චීන ජනතාවට සංවර්ධනය දිනෙන් දින හිමිවුණා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ මධ්‍යම රජයේ ප්‍රබල නායකත්වය යටතේ චීන ජනතාව ඉදිරියට ගමන් කරන අයුරු දුටු සෑම අවස්ථාවකදී තමන් තුළ දැඩි ගෞරව සහිත හැඟීමක් පහළ වන බව Kim Han Kyu මහතා පවසනවා.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් ලබා ගත් අත්දැකීම් පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සඳහන් කොට තිබෙනවා. ඔහු කී පරිදී,චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථිර නායකත්වය මගිනුයි චීනය ඓතිහාසික විපාර්යාසයන් ඉටු කර තිබෙන්නේ. එමෙන්ම ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ නව යුගයක් ආරම්භ කරමින් චීන ජාතියට යළිත් සමෘධියේ නව ගමන ආරම්භ කළ හැකි සහ විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසූවා. මේ පිළිබඳ අදහස් දක්වමින් Kim Han Kyu මහතා ෂී ජින් පිං මහතාගේ රාජ්‍ය පාලන හැකියාව ඉතා ඉහළින් අගය කළා.


Sun Jiajia/Sheng Li

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති