චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ සාක්ෂිකරු සහ එහි ප්‍රතිඵල හිමිකරගත්-- ජාත්‍යන්තර සංනිවේදන සංගමයේ මහ ලෙක්කම් Zhao Houlin මහතා

2018-12-25 10:59:14
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ සාක්ෂිකරු සහ එහි ප්‍රතිඵල හිමිකරගත්-- ජාත්‍යන්තර සංනිවේදන සංගමයේ මහ ලෙක්කම් Zhao Houlin මහතා

චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ සාක්ෂිකරු සහ එහි ප්‍රතිඵල හිමිකරගත්-- ජාත්‍යන්තර සංනිවේදන සංගමයේ මහ ලෙක්කම් Zhao Houlin මහතා

2018 චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි වසරයි. චීනයේ විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමන් සාක්ෂි දරමින් එහි ප්‍රයෝජන ලබා ගත් බව ජාත්‍යන්තර සංනිවේදන සංගමයේ මහ ලෙක්කම් Zhao Houlin මහතා පවසනවා.

චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූඔහු සඳහන් කළේ , ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මය කිරීම පිළිබඳ තමන්ට සමීප අත්දැකීමක් තිබෙන බවයි.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක වසර 1978 වසරයි. එම වසරේ සිදු වූ ඉතා වැදගත් දෙයක් නිසා රටේ හා තමාගේ ඉරණම වෙනස් වූ බව ඔහු පවසනවා. ලෝකයේ නවතම තාක්ෂණය ඉගෙන ගැනීමට එවක චීන නායක ඩෙං ශියාඔ පිං මහතා නව යෝජනාවක් කළා. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ ආරම්භකයා වූ එතුමාගේ එම යෝජනාව අනුව, චීනයේ උසස් පෙළේ තාක්ෂණ පර්යේෂණ ආයතනවලින් සුදුසු පුද්ගලයන් තෝරාගෙන ඔවුන් විදේශ රටවල්වලට යැවීමට කටයුතු කෙරුණා. එයින් zhao houlin මහතාට අවස්ථාවක් ලැබුණා. ඔහු ප්‍රථම කණ්ඩායමේ පර්යේෂකයන් හා තාක්ෂණිකයන් සමඟ ස්විට්සර්ලන්තයේ පැවති පර්යේෂණ පුහුණුවට සහභාගි වූණා.

ඔහු කී පරිදි, 1978 වසර චීනයේ සංනිවේදන කර්මාන්තයට සීඝ්‍ර සංවර්ධනයක් අත්පත්කරදුන් ආරම්භක වසරක්. එහෙත් එම කර්මාන්තයේ පදනම ඉතා දුර්වලයි. ඒ කාලය සමස්ත චීනයේ මිලියන 900ක ජනතාවට ඇති දුරකථන යන්ත්‍ර සංඛ්‍යාව මිලියන 4ක් පමණයි. සාමාන්‍ය වශයෙන් කිව්වොත් සෑම සිය දෙනෙකුටම දුරකථන යන්ත්‍ර එකක්වත් හිමි වූයේ නැහැ. දුරකථන සේවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයට අයත් වූණා.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කර ගතවූවසර 40 තුළ චීනයේ විවිධ ක්ෂේත්‍රවල විශාල වෙනස්කම් සිදු වූණා. සංනිවේදන කර්මාන්තයේත් ඉමහත් දියුණුවක් ලැබුවා. ඒ සමගම, Zhao Houlin මහතාගේ තනතුරද ක්‍රමයෙන් වෙනස් වූණා.

1950 වසරේ ඉපදූන Zhao Houlin මහතා 1988 වසරේ සිට ජාත්‍යන්තර සංනිවේදන සංගමය හා සම්බන්ධ වී එහි වැඩකටයුතු කරනවා. එම සංගමය සංනිවේදන තාක්ෂණ කටයුතු පරිපාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ආයතනයක්. වසර 10කට එනම් 2008 වසරේදී,ඔහු එම සංගමයේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බවට පත් වුණා. එම සංගමය ස්ථාපිත කිරීමෙන් වසර 130කට පසු ප්‍රථම යුරෝපා ජාතිකයෙකු නොවන අධ්‍යක්ෂවරයා වන්නේ ඔහුයි. 2008 වසරේ සිට ඔහු එම සංගමයේ නියෝජ්‍ය මහ ලේකම් ,මහ ලේකම් යන ධූරයන්හි වැඩ කරනවා. පසුගිය දා නව මහ ලේකම් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදීඔහු ජයග්‍රහණය ලබා ගනිමින් නැවතත් එම තනතුරට සාර්ථකව පත්වුණා. ජාත්‍යන්තර සංනිවේදන සංගමයේ ප්‍රථම චීන ජාතික මහ ලේකම්වරයා ලෙස ඔහු පැවසුවේ ඔහුගේ තනතුර, චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තිය හා සමීප සම්බන්ධතාවක් තිබෙන බවයි.

Zhao Houlin මහතා කී පරිදි, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කිහිප අවස්ථාවකදී ප්‍රකාශ කළේ චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම නතර නොකරන අතර එය ඉදිරියටම ගෙන යන බවයි. චීනයේ සංවර්ධන ඉලක්ක හා චීන ජනතාවගේ බලාපොරොත්තු සැබෑ කළ හැකිය. චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම ලෝක සාමය,ගෝලීය ආර්ථික හා සමාජ සංවර්ධනයට ඉවහල් වෙනවා. විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි වර්ධනය පිළිබඳ දැඩි විශ්වාසය දක්වන Zhao Houlin මහතාට ඒ කෙරෙහි ඇත්තේ විශාල අපේක්ෂාවක්.


Sun Jiajia/Sheng Li

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති