චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ජර්මන් Duisburg නගරාධිපතිවරයාගේ අදහස්

2018-06-23 15:33:52
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ජර්මන් Duisburg නගරාධිපතිවරයාගේ අදහස්

ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම, චීනය කලාපීය දැවැන්ත රටක සිට ගෝලීය දැවැන්ත රටක් කරා පරිවර්තනය කිරීමේ පදනමක් බව ජර්මනියේ Duisburg නගරාධිපති Link මහතා පවසනවා.

2014 වසරේ මාර්තු මාසයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජර්මනියේ නිල සංචාරයක් සිදු කළා. එම සංචාරයේ හෙතෙම Duisburg නගරයේදී චීනයෙන් පිටත් ව  එම නගරයට ළඟා වූ දුම්රියක් සියැසින් දුටුවා. ඒ අවස්ථාවේ සිට මේ දක්වා එම නගරය චීනය සමඟ වඩාත් සමීප සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා.

Duisburg හි නගරාධිපති Link මහතා මාධ්‍ය හමුවූ අවස්ථාවකදී පැවසුවේ, ගෙවී ගිය අවුරුදු 40 තුළ චීනය ලබා ගත් බොහෝ ප්‍රතිඵලයන්ගෙන් Duisburg නගරයට ගැඹුරු බලපෑමක් සිදු වී ඇති බවයි. ඔහු පැවසු පරිදි, චීනය නිවැරදි මාර්ගයක් ඔස්සේ ඉදිරියට යමින් පවතින බව විවිධ ක්ෂේත්‍රවලින් දක්නට ලැබෙනවා. චීනය කලාපීය දැවැන්ත රටක සිට ආර්ථීක, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රවල ලෝක දැවැන්ත රටක් කරා පරිවර්තනය කර තිබෙනවා. චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියා කරමින් විශාල සාර්ථකභාවයක් දිනා ගෙන ඇති බව නිසැකවම කිව හැකියි. චීනයේ හිටපු නායක ඩෙං සිඖ පිං මහතා චීන ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ මහ සැලසුම් නිර්මාණකරුවා ලෙස සැලකෙනවා. එතුමාගේ එම ශ්‍රේෂ්ඨ සැලැසුම හේතුවෙන් Duisburg නගරය චීනය හා සම්බන්ධතා ස්ථාපිත කොට ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිය යනාදී ක්ෂේත්‍රවල සම්පූර්ණ ද්විපාර්ශ්වික සහයෝගීතාවන් පවත්වා තියෙනවා.

Duisburg නගරය 1982 වසරේ චීනයේ වු හන් නගරය සමඟ මිත්‍රත්ව නගර සබඳතාවක් ඇති කළා. Duisburg නගරය චීනය සමඟ මිත්‍රත්ව සබඳතා ස්ථාපිත කිරීමේ පළමුවැනි ජර්මන් නගරය බවට පත් වුනා. ඉන් පසු එම නගරය සහ චීනයේ නගර රැසක් අතර සහයෝගතා හා හුවමාරු ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කොට තිබෙනවා.

චීනය ඉදිරිපත් කළඑක් තීරයක් එක් මාවතක්වැඩපිළිවෙළ දෙපාර්ශ්වයේ සහයෝගීතාවන්ට ප්‍රබල ශක්තියක් ලබා දී තිබෙනවා. විශේෂයෙන් චීන-යුරෝපා දුම්රිය මාර්ගය සීඝ්‍ර ලෙස වර්ධනය වීමෙන් Duisburg නගරය යුරෝපය හා චීනය සම්බන්ධ වීමේ වැදගත් පාලමක් බවට පත් වී තිබෙන බව Link මහතා පැවසුවා.

Link මහතා Duisburg හි නගරාධිපති ධූරයට තේරී පත් වීමෙන් පසු සිව් වතාවක් චීනයට පැමිණ සංචාරය කළා. තමාට හැම විට ම චීනයේ විශාල විපර්යාස හා සංවර්ධනය දැනෙන බව ඔහු පැවසුවා. ජර්මනිය, විශේෂයෙන් යුරෝපය චීනයෙන් වඩා වැඩි ආදර්ශ ගත යුතු බව ඔහු සඳහන් කළා. චීන සමාජීය ප්‍රගතිය, ආර්ථික සංවර්ධනය සහ ජන ජීවිතය තමාට ගැඹුරු බලපෑමක් සිදු කර තිබෙන බව ද Link මහතා සඳහන් කළා.



Hao/Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති