චීනයේ ක්‍රිස්ටල් නගරය

2018-06-15 09:22:39
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

වෙරළාසන්න තුං හයි කෝරළය චීනයේ ච්‍යං සූ පළාතේ ලියැන් යුන් ගාං නගරයේ පිහිටා තිබේ. විදේශයන්ට සිය සංචාර සඳහා චීනය පළමුව විවෘත කළ කෝරළ අතර එකක් වශයෙන් මෙය හැදින්වේ. වසර 40 කට පමණ පෙර එහි ග්‍රාමීය ආර්ථිකයේ මූලික ස්ථානයේ පැවතියේ කුඩා කෝරළයක් පමණයි. එහෙත් වසර 40 කට පමණ පසුව එහි මල් වගාව, පළිඟු නිපදවීම සහ උණු දිය උල්පත් නිවාඩු නිකේතන යනාදී විශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත කර්මාන්ත හිමි පදිංචියට සුදුසු ජෛවීය නගරයක් තුං හයි කෝරළය බවට පත්ව තිබේ.

නැගෙනහිර චීනයේ මල් නගරය යන නමින් හැඳින්වෙන තුං හයි කෝරළයේ ප්‍රධාන වශයෙන් මානෙල්, තෘණ වගාව, පියෝනි මල් සහ අප්‍රිකානු කපුරු මල් වගා කෙරේ. වර්තමානයේ එහි මල් වගා කර ඇති සමස්ත බිම් ප්‍රමාණය හෙක්ටාර් 6600 ඉක්මවා තිබේ. එහි සමස්ත නිෂ්පාදන වටිනාකම යුවාන් කෝටි 150කි. ඉන් ප්‍රතිලාභී වැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය යන ප්‍රතිපත්තියට අනුව, එහි රජය ප්‍රාදේශීය ලක්ෂණ වලින් හෙබී මල් ප්‍රදර්ශන විවිධ අවස්ථාවල සංවිධානය කර තිබේ. මෑතකදී 7 වැනි තුං හයි මල් ප්‍රදර්ශනය එහි සි ශුවාන් විල අශ්‍රිත කලාපයේදී පැවැත්විණ.

සිය වෙරළාසන්න පිහිටීම නිවැරදිව ග්‍රහනය කරගත් තුං හයි කෝරළය මල් කර්මාන්තයේ අන්තර් ජාතික සහයෝගීතා සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරමින් සිටී. ඕලන්දයෙන් මල් වර්ග ආනයනය කරනවා පමණක් නොව, එම කෝරළයේ මල් වර්ග ද ‍විදේශ රටවලට හඳුන්වා දීම සිදු කෙරේ. ඒ සඳහා විදේශීය රටවල තානාපති කාර්යාල නිලධාරීන් හා විදේශීය ව්‍යවසායකයින් නිරන්තරයෙන් මේ පිළිබඳ විමසිල්ලෙන් පසුවේ. මල් කර්මාන්තයට අමතරව, ‍ ක්‍රිස්ටල් කර්මාන්තය තුං හයි කෝරළයේ සංකේතයක් වශයෙන් සැලකෙයි. ලෝකයේ ක්‍රිස්ටල් නගරය යන නමින් හැඳින්වෙන එම කෝරළයේ පළිඟු නිපදවන ව්‍යවසායකයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ඇත. චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය යන ප්‍රතිපත්තියේ නායකත්වය යටතේ තුං හයි රජය පළිඟු නිෂ්පාදිතයන්ට ලොව පුරා ගනුදෙනු කිරීමේ උපාය මාර්ග සකස්කර දී තිබේ. එමඟින් තුං හයි පළිඟු වෙළෙඳාම බොහෝ රටවල සාර්ථකවී ඇත.

චීනයේ ක්‍රිස්ටල් නගරය

චීනයේ ක්‍රිස්ටල් නගරය

චීනයේ ක්‍රිස්ටල් නගරය


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති