චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය

2018-06-12 19:53:46
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය


2018 වසර චීනයේ සංවර්ධන ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක්. ඒ, චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කර දශක 4ක් පිරීම නිසයි. චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ වසර 40ක් පුරා අඛණ්ඩ ව ක්‍රියාත්මක වූ මෙම ප්‍රතිපත්තිය චීනය මෙතෙක් ලද දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ සඳහා වන තීරණාත්මක සාධකය යැයි පොදුවේ පිළිගෙන තිබෙනවා.

    ගෙවී ගිය වසර 40 තුළ චීනය ලබාගෙන ඇති එම ජයග්‍රහණ පිළිබඳ සලකා බැලීමේදී දකුණු චීනයේ ගුවං තුං (Guang Dong) පළාතේ ශෙන් චෙන් (Shen Zhen) නගරය කැපී පෙනෙන උදාහරණයක්. මීට වසර 40කට පෙර ශෙන් චෙන්, කිසිදු ප්‍රසිද්ධියක් නොදැරූ උපනගරයක් වුණා. එහෙත් අද මෙම නගරය කෝටි 2ක පමණ ජනගහණයක් සිටින නවීන ජාත්‍යන්තර නගරයක් බවට පරිවර්තනය වී හමාරයි.

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය


  “ චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේදී මෙතෙක් ලද ආකර්ෂණීයම ජයග්‍රහණයක් වශයෙන් චීන සංවර්ධන ලක්ෂණයන්ගෙන් යුත් විශේෂ ආර්ථික කලාප සටහන් කළ හැකියි. ලෝකයේ විශේෂ ආර්ථික කලාප 4000කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. එහෙත් ඒ අතරින් ශෙන් චෙන් විශේෂ ආර්ථික කලාපය හා සැසඳිය හැකි කිසිවක් නැහැ. ගෙවී ගිය වසර 40 තුළ ශෙන් චෙන් නගරය විශේෂ ආර්ථික කලාප සංවර්ධනයෙන් ලබාගෙන ඇත්තේ ඉහළ ම මට්ටමේ ආශ්චර්යක්. ” යනුවෙන් බ්‍රිතාන්‍යයේ The Economist සඟරාව විචාරක මතයක් පළ කර තිබෙනවා.

මෙම මතයට තුඩු දුන් බොහෝ කරුණු තිබෙනවා. දින 3කින් ගොඩනැගිල්ලක් ඉදි කර අවසන් කිරීමේ “ශෙන් චෙන් වේගය ”ලොව පුදුමයට හේතු වී තිබෙනවා. ‍ලොව 3වැනි විශාලතම බහලුම් මෙහෙයුම් වරාය, චීනයේ ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථාන 5කින් එකක් සහ ලොව ප්‍රබල ව්‍යවසායන් පන්සි‍යයෙන් 7ක මූලස්ථාන පිහිටා තිබෙන්නේ ශෙන් චෙන් නගරයේ. ශෙන් චෙන් නගර භුමියේ සෑම වර්ග කිලෝමීටරයක ජාතික මට්ටමේ අධි විද්‍යා තාක්ෂණ ව්‍යවසායන් 6ක් පමණ පිහිටා තිබෙනවා. දිනපතා නව සොයා ගැනීම් පිළිබඳ පේටන්ට් බලපත්‍ර 51ක් මෙම නගරයෙන් නිකුත් කෙරෙනවා. නොබෙල් සම්මානලාභී Arieh Warshel සහ Brian Kobilka යන රසායන විද්‍යාඥයන්ගේ ප්‍රමුඛත්වයෙන් ශෙන් චෙන් නගරයේ පරීක්ෂණාගාර 5ක් ස්ථාපිත කර තිබෙනවා. 2017 වසරේ ශෙන් චෙන් නගරයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවන් ට්‍රිලියන 2.24ක් දක්වා ඉහළ ගොස් බෙයිජිං සහ ශැංහයි යන නගර දෙකට පමණක් දෙවැනි වුණා. එහෙත් මෙම නගරයේ බලශක්ති ඇතුළු ස්වභාවික සම්පත් පරිභෝජනය චීනයේ සාමාන්‍ය පරිභෝජන මට්ටමෙන් තුනෙන් එකක් පමණයි.

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙන් මැවෙන ශෙන් චෙන් ආශ්චර්ය

“ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ශෙන් චෙන් නගරය සතුව ඇති අදෘශ්‍යමාන සම්පතක් සහ ප්‍රබලතම මෘදු ශක්තියයි. හරියට කාන්දමක් වගේයි. සිව් දෙසින් සියලු සම්පත් ඇද ගත්තා.”කියා ශෙන් චෙන් නගර ඉතිහාසය පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ යං ලී ශුන් මහතා පවසනවා. එවක චීන රාජ්‍ය නායක තෙං ශියාඕ පිං මහතා චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨ සැලසුම්කරුවා වශයෙනුයි සැලකෙන්නේ. එතුමාගේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ සංකල්පය අනුව පසුගිය 70 දශකය අවසානයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් විශේෂ ආර්ථික කලාප රැසක් බිහි වුණා. ඉන් එක් විශේෂ ආර්ථික කලාපයක් ශෙන් චෙන් නගරයේ ස්ථාපිත කෙරුණා. රටේ සෙසු ප්‍රදේශවලට වඩා වෙනස් හා විශේෂ ආර්ථික අනුග්‍රාහී ප්‍රතිපත්ති එම විශේෂ ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක කළා . ඒ සමගින් අධි තාක්ෂණ, කාර්යක්ෂම කළමනාකරණය, ඉහළ දැනුමෙන් යුත් වෘත්තිකයන් හා ප්‍රවීණයන් සහ නම්‍යශීලි වාණිජ හා ආයෝජන ප්‍රතිත්පති යනාදිය එම විශේෂ ආර්ථික කලාපවල වෙළෙඳ පොල ආර්ථිකයට සරිලන අයුරින් සක්‍රීය කර තිබුණා.

ලොව මවිත කරවන ආර්ථික ජයග්‍රහණ අඛණ්ඩ ව අත්කරගෙන ඇති ශෙන් චෙන් විශේෂ ආර්ථික කලාපය, ගෙවී ගිය දශක හතරක කාලය පුරා චීනය අනුගමනය කළ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියේ සාර්ථක කැඩපතක්. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කී පරිදි නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී ක්‍රමය යටතේ මෙම ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා. නගර වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 32.5ක් පමණ වන ‍ශෙන් චෙන් නගරය තාරුණ්‍යයෙන් හා නව ජවයෙන් යුතුව රටේ දීප්තිමත් අනාගතයට උර දී සිටිනවා.

 

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති