කුඩා ධීවර ගම්මානයකින් ඇරඹි වත්මන් ශෙන් චෙන් හි සංවර්ධනය

2018-06-07 15:13:47
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කුඩා ධීවර ගම්මානයකින් ඇරඹි වත්මන් ශෙන් චෙන් හි සංවර්ධනය

දකුණු චීනයේ ගුවන් තුං පලාතේ පිහිටි ශෙන් චෙන් ප්‍රදේශය, පිටිසර කුඩා ගම්මානයක සිට කෝටි 2ක ජනගහණයකින් යුත් ප්‍රාණවත් ජාත්‍යන්තර නගරයක් බවට පරිවර්තනය වී තියෙනවා. මේ වසර චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40වැනි සංවත්සර වසරයි. මේ විශේෂ කාලයේ එහි කුඩා ධීවර ගම්මානය පසුගිය දශක කිහිපය තුළ සිදු වූ විශාල විපර්යාසයෙන් ශෙන් චෙන්හි සංවර්ධන වේගය සංකේතවත් වෙනවා.

එම ධීවර ගම්මානය ශෙන් චෙන් නගරයේ ලුවෝ හු දිස්ත්‍රික්කයේ පිහිටා තියෙනවා. පසුගිය ශතවර්ෂයේ තිස් ගණන්වල හා හතලිස් ගණන්වල සිට ගුවන් තුං පලාතේ තුං ගුඇන් ප්‍රදේශයේ ඇතැම් ධීවරයන් ශෙන් චෙන් ප්‍රදේශයට පැමිණ ධීවර කර්මාන්තයේ නිරත වුණා. නෞකා එම ධීවරයන්ගේ නිෂ්පාදන උපකරණක් මෙන්ම ඔවුන‍්ගේ නිවාසයි. ඒ කාලයේ ඔවුන්ගේ ජීවිතය ඉතා දුෂ්කර වුණා.

පසුගිය ශතවර්ෂයේ හැත්තෑ ගණන්වල අග භාගයේ චීන කොමියුනිස්‍ට් පක්ෂ ගුවන් තුං පලාත් කමිටුව චීන මධ්‍යම රජයට යෝජනාවක් ඉදිරිපත් කළා. ‍ශෙන් චෙන් චූ හයි සහ ශැන් තෞ ප්‍රදේශවල අපනයන පිරිසැකසුම් කර්මාන්ත සංවර්ධනය කිරීමට චීන රජයෙන් විශේෂ අනුබල ලැබීමට පලාත් පක්ෂ කමිටුව බලාපොරොත්තු වන බව එම යෝජනාවේ සඳහන් වුණා.

එම යෝජනාව චීනයේ එවක නායක දෙං සිඖ පිං මහතාගේ අනුබල ලබා ගත්තා. 1980 වසරේ අගෝස්තු මාසයේ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව ශෙන් චෙන් විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත කිරීමට තීරණය කළා.

කුඩා ධීවර ගම්මානයකින් ඇරඹි වත්මන් ශෙන් චෙන් හි සංවර්ධනය


ඉන් පසු ශෙන් චෙන්හි පිහිටි එම ධීවර ගම්මානයේ මත්ස්‍ය අභිජනන කර්මාන්තය සංවර්ධනය කළා. ශෙන් චෙන් විශේෂ ආර්ථික කලාපයේ නම්‍ය ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගම්මානයේ රථවාහන කණ්ඩායම් හා නෞකා ප්‍රවාහන කණ්ඩායම් සංවිධාන කෙරුණා. එමෙන්ම පිරිසැකසුම් කම්හල ආරම්භ වුණා. එම ගම්මානයේ යූ ෆෙං සීමා සහිත කොටස් සමාගම ස්ථාපිත කළා. එහි වැසියන් මුදල් එක්රැස් කොට ගෙවල් දොරවල් ඉදි කළා. පසුව චීනයේ සමස්ත ගම්මානවලින් එම ධීවර ගම්මානය ‍පොහොසත්ම ගම්මානය බවට පත් වුණා.

වර්තමානයේ එම ධීවර ගම්මානයේ වැසියන් යූ ‍ෆෙං සීමා සහිත කොටස් සමාගමේ කොටස් හිමිකරුවන් බවට පත් වී තියෙනවා. ඔවුන්ට වාර්ෂිකව එම සමාගමෙන් ප්‍රතිලාභ ලබා ගත හැකියි. නිවාස කුලි වැසියන්ගේ ප්‍රධාන ස්ථීර ආදායම් ද වෙනවා.

එම ධීවර ගම්මානයේ වර්ධනය, ශෙන් චෙන් හි වසර 40ක් පුරා ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් ලද ජයග්‍රහණයේ සංකේතයක්. ගෙවී ගිය වසර 40 තුළ ශෙන් චෙන්හි ජනතාව උත්සාහ දරමින් දැවැන්ත නාගරික නවීකරණ සංවර්ධන ජයග්‍රහණයක් නිර්මාණය කොට තියෙනවා.



Hao / Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති