වසර 40ක ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ සාර්ථකත්වයක්

2018-06-12 16:01:56
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

වසර 40ක ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ සාර්ථකත්වයක්


වසර 2018, චීනයේ විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සර වසරයි. චීනය වසර හතලිහක ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය හරහා ලෝකයට සනාථ කර ඇත්තේ ‍ඩෙන් ෂියෝ පින්ග් මහතා ඉදිරිපත් කළ සාමය හා සංවර්ධනය යන ක්‍රියාදාමය ස්ථාවර සංවර්ධනයක් සැබෑ කර ගැනීමේ සාර්ථක ක්‍රමයක් යැයි ඉරානයේ Shahid Beheshti විශ්වවිද්‍යාලයේ ආචාර්ය Mohsen Shariatinia මහතා සඳහන් කරනවා.

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ආදර්ශයක් බව ඔහු පැවසුවා. චීනය තම ස්ථාවරත්වය තහවුරු කරන අතරතුර ක්‍රම ක්‍රමයෙන් විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම එහි විශේෂත්වයක් බව Mohsen මහතා ප්‍රකාශ කළේය.

“මුලින්ම චීනය ප්‍රතිසංස්කරණ පියවරෙන් පියවර ක්‍රියාත්මක කළා. ලෝකය වෙනුවෙන් චීනය දොරගුළු විවෘත කරලා ප්‍රතිසංස්කරණ ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගෙන යනවා. විශේෂ ආර්ථික කලාප ස්ථාපිත කර ලෝක වෙළඳ සංවිධානයට ඇතුළත් වුණා. ඉන් පසු විවිධ රටවල් හා සංවිධාන සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට අත්සන් තැබුවා. මෙවැනි ප්‍රතිසංස්කරණ චීන ජනතාවටත් ලෝකයටත් වටිනා අවස්ථාවන් නිර්මාණය කර තිබෙනවා. දෙවැන්න, ආර්ථික සංවර්ධනයට රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති ද අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක වීමෙන් පසු චීනයේ නායකයින් වන ඩෙන් ෂියෝ පිං, ච්‍යාං සේ මින්, හු ජින් තාඕ යන මහත්වරු සහ වත්මන් ජනාධිපති ෂී ජින් පිං මහතා, වර්ධනය වෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති ඊට යොමු කළා. ඉන් චීනයට යහපත් බාහිර පරිසරයක් නිර්මාණය කෙරුණා. මා හිතන්නේ චීනයේ සාමකාමී සංවර්ධන ක්‍රමය සාර්ථක සංවර්ධන ක්‍රමයක් බව චීනය ලෝකයට සනාථ කර තිබෙනවා කියලයි. ”

ඉතිහාසයේ පැවති සැලසුම් ආර්ථිකයේ සිට වෙළඳ පොළට අනුකූල වන ආර්ථිකය දක්වා පරිවර්තනය වීමට චීනයට හැකි වුණා. ‍චීනය ලෝක නිෂ්පාදනාගාරයක් ලෙසට ප්‍රසිද්ධ වී තිබුණ. දැන් පාරිභෝජනය හා නිර්මාණශීලිත්වයෙන් ප්‍රමුඛ අලුත් ස්ථාවර ආර්ථිකයක් වෙත පරිවර්තනය වීමට චීනය කටයුතු කරමින් සිටිනවා. එය චීනයටත් ලෝකයටත් ඉතා අර්ථවත් බව Mohsen මහතා පෙන්වා දුන්නා.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති