නවීකරණ ආර්ථික පද්ධතිය ලෝකයේ ඉමහත් අවධානයට ලක් වී තිබේ

2017-11-03 14:43:25
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාවෙන් ප්‍රථම වතාවට ඉදිරිපත් කෙරුණු නවීකරණ ආර්ථික පද්ධතිය ලෝකයේ ඉමහත් අවධානයට ලක් වී තිබෙනවා.

“ චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය අවසන් වීමෙන් පසු චීනය සහ ලෝකය ”නමැති චීන ආර්ථික හා ජාත්‍යන්තර සහයෝගතා වාර්ෂික සමුළුව පසුගියදා බෙයිජිං නගරයේදී පැවැත්වුණා. එම සමුළුවේදී නවීකරණ ආර්ථික පද්ධතිය කෙරෙහි වැඩියෙන් අවධානය යොමු කළා. ගුණාත්මකභාවය හා ක්‍රියාශූරත්වය අනාගත චීන ආර්ථික වර්ධනයේ ප්‍රධාන ප්‍රවණතාවයි. එබැවින් නිර්මාණශීලිත්වය මගින් ආර්ථික වර්ධනය දිරිගැන්වීම තවදුරටත් ක්‍රියාවට නංවා ගෙන නිර්මාණශීලි අන්තර් ජාතික සහයෝගතා ප්‍රවර්ධනය කළ යුතු බව එම සමුළුවට සහභාගි වූ දෙස්-විදෙස් ශාස්ත්‍රඥයෝ පෙන්වා දුන්නා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය අවසන් වීමෙන් පසු චීන ආර්ථික විපර්යාසයේ ප්‍රවණතා 5ක් පෙන්නුම් කරනු ඇති බව චීන රාජ්‍ය මණ්ඩලයේ සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ උප අධ්‍යක්ෂ ජනරාල් වං යී පිං මහතා පෙන්වා දුන්නා:

“ පළමුවැන්න,අනාගත චීන ආර්ථික වර්ධන වේගය මධ්‍යම හෝ උසස් තත්වයක පවතිනවා. මෙය චීන ආර්ථිකයේ නව විධිමත් ප්‍රවණතාවයි. දෙවැන්න, සාම්ප්‍රදායික කර්මාන්ත තවදුරටත් වර්ධනය වනු ඇති අතර අලුතින් නැඟී සිටින කර්මාන්ත නව ව්‍යාප්ත කාලයකට පිවිසීමට අපේක්ෂිතයි. තුන්වැන්න, නාගරිකකරණය ගැඹුරට ගෙන යාවි. සිව්වැන්න, බලශක්ති සහ ප්‍රධාන පතල් සම්පත් අවශ්‍යතාව අනුක්‍රමයෙන් ඉහළ යයි. අවසාන කරුණ වන්නේ, අනාගතයේදී චීන ආර්ථිකය ගෝලීය ආර්ථිකයෙන් ගන්නා කොටස කැපී පෙනෙන සේ ඉහළ යාමයි .”

නවීකරණ ආර්ථික පද්ධතිය ඉදි කරනවා නම්, අනාගතයේදී චීන ප්‍රතිසංස්කරණයේ වැදගත් දිසාවක් තිබිය යුතුයි. සැපයුම් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නංවමින් නිර්මාණශීලි රටක ඉදිකිරීම කඩිනම් කිරීම, ගම්මාන පුනර්ජීවනය හා කලාපීය සුසංගත වර්ධනය ක්‍රියාත්මක කිරීම සහ අංග සම්පූර්ණ විවෘත නව රාමුවක් ස්ථාපිත කිරීම එම දිසාව බව වං යී මිං මහතා වැඩිදුරටත් සඳහන් කළා.

(U Sheng)

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති