ෂී ජින් පිං මහතා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තේරී පත් වීම පිළිබදව ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල නායකයන් ගෙන් සුභ පැතුම්

2017-10-30 15:31:59
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ෂී ජින් පිං මහතා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තේරී පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පක්ෂ නායකයෝ සුභ පැතුම් පිරිනමති.

ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් දැවැන්ත ආර්ථික ප්‍රගතියක් චීනය අත්කර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පිරිනමමින් ප්‍රකාශ කරයි. එය වර්තමාන ඉතිහාසයේ විශිෂ්ඨ ම ප්‍රතිසංස්කරණයක් බව හෙතෙම සඳහන් කළේය. අන්‍යොන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ මෙන්ම පොදු සමෘද්ධිමත් ද්විපාර්ශ්වික සහයෝගතා පුළුල් කරමින් දෙරටේ සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම උදෙසා  බලාපොරොත්තුවෙන් සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

ෂී ජින් පිං මහතාගේ නව සේවා කාලයේදී ශ්‍රී ලංකා චීන හවුල්කාරි සහයෝගතා සබඳතාව නොකඩවාම තහවුරුවෙමින් ශක්තිමත් වනු ඇති බවට තම විශ්වාසය යැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත සුභ පැතුම් පිරිනමමින් සදහන් කරයි.

මේ අතර, අන්‍යෝන්‍ය විශ්වාස, ගෞරවය හා සහයෝගතා පදනම්ව බිහි වන ප්‍රංශ හා චීන සබඳතාව තවදුරටත් ඉදිරියට මෙහෙයවන අතර ප්‍රංශ චීන අංගසම්පූර්ණ ක්‍රමෝපායීය හවුල්කාරි සබඳතා සහ විවිධ ක්ෂේත්‍ර වල ද්විපාර්ශවික සබඳතාවන් ඉහළ නංවාලීමට හැකි වනු ඇතැයි සිය දැඩි විශ්වාසය යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා සුභ පැතුම් පිරිනමමින් ප්‍රකාශ කළේය.

ෂී ජින් පිං මහතා හඳුන්වා දුන් 2050 වර්ෂයේ චීනයේ සංවර්ධන දර්ශනය සහ අලුතින් තේරීපත් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව තම අවධානයට ලක් ව ඇතැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ෂී ජින් පිං මහතා වෙත සුභ පැතැම් පිරිනමමින් පෙන්වා දුන්නා ය. බ්‍රිතාන්‍යය හා චීනය 21 වැනි සියවස උදෙසා ගෝලීය සම්පූර්ණ ක්‍රමෝපායීය හවුල්කාරි සබඳතාව ඉහළ මට්ටමකට යොමු කිරීමට අපේක්ෂා කරන බව ඇය කියා සිටී. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති