චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය සාර්ථක ව අවසන්

2017-10-24 18:41:55
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය සාර්ථක ව අවසන්

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය සාර්ථක ව අවසන්


චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය සාර්ථක ව නිමාවට පත් වෙයි.

අද (24) අවසන් වූ මෙම සම්මේලනයේ සමාප්ති උත්සවය චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාව සදහා සාමාජිකයන් 204 දෙනෙකු හා සාමාජිකයන් 133 දෙනෙකුකින් යුත් මධ්‍යම විනය පරීක්ෂන සභාව තේරී පත් වී ඇත.

ඉන් අනතුරුව, 18 වැනි මධ්‍යම කාරක සභාවේ වාර්තාව, 18 වැනි මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ වාර්තාව හා චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට එක් කෙරෙන නව සංශෝධන යන තින්දු තීරණ සම්මත කර තිබේ.

එමෙන්ම, ජනාධිපති ෂී චින් පිං මහතා ඉදිරිපත් කළ ‘නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී සංකල්පය’ පක්ෂ ව්‍යවස්ථාවට එක් කිරීමට ද මෙම සම්මේලනයේදී අනුමැතිය ලබා දී තිබේ.

එම සම්මේලනයට ඉදිරිපත් කළ යෝජනාවලියකට අනුව චීන ජනාධිපති ෂී චින් පිං මහතා ඉදිරිපත් කළ නව යුගයක් සඳහා වන චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී සංකල්පය ද කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරිමට ඒකමතික අනුමැතිය ලැබි ඇත.

මාක්ස් ලෙනින්වාදය, මාඕ සේතුං චින්තනය, ඩං ෂියාඕපිං න්‍යාය සහ සංවර්ධනය සඳහා වන විද්‍යාත්මක දැක්ම සමග චීන ලක්ෂණයන්ගෙන් යුත් නව සමාජවාදී සංකල්පය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෑත යුගයේ ප්‍රධාන පෙලේ ප්‍රශ්න විසඳීම සඳහා චීන ලක්ෂණයන්ගෙන් යුත් නව සමාජවාදී සංකල්පය වැදගත් වනු ඇතැයි එම යෝජනාවලියේ සඳහන් වෙයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති