චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයාගේ දේශපාලන වාර්තාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත

2017-10-18 15:47:56
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය අද බෙයිජිංහිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මෙවර සම්මේලනය වෙත දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයාගේ දේශපාලන වාර්තාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත

චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදය නව යුගයකට පිවිස තිබෙන බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව මෙහෙයවා, සුවපහසු සමාජයක් ගොඩනගමින් මෙම සියවසේ මැද භාගය වන විට සමෘද්ධිමත්, ශක්තිමත්, ප්‍රජාතාන්ත්‍රික, ශිෂ්ටාචාරත්මක, සුසංගත හා අලංකාර නවීකරණ සමාජවාදී බලවත් රටක් නිර්මාණය කරමින් චීන ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවන සිහිනය සාක්ෂාත් කර ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය නායකත්වය දරන ෂී ජින්පිං මහතා මෙවර සම්මේලනයේ පරමාර්ථය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ අධිෂ්ඨානය පිළිබඳව විස්තර කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයාගේ දේශපාලන වාර්තාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත

‍ චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික අරමුණ අමතක නොකර සිය ඓතිහාසික මෙහෙවර ස්ථිර ලෙස මතකයේ රඳවා ගනිමින් චීන සමාජවාදී ලක්ෂණයන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨ ධජය ඔසවමින් සුවපහසු සමාජයක් නිර්මාණය කිරීමටත් නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදයේ ජයග්‍රහණය දිනා ගැනීමටත් චීන ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවන සිහිනය ඉටු කිරීමටත් අඛණ්ඩව වෑයම් කිරීම මෙවර සම්මේලනයේ තේමාව බව හෙතෙම ප්‍රකාශ කළේය.

 චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 89කට අධික ය. එයින් 2000කට වැඩි නියෝජිත පිරිසක් මෙවර සම්මේලනයට එක්ව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතාගේ දේශපාලන වාර්තාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ කාර්ය වාර්තව මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් පරීක්ෂා කරනු ඇත. 

එමෙන්ම ඡන්ද විමසීමෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව හා නව මධ්‍යම විනය පරීක්ෂණ සභාව තෝරා ගැනීමට නියමිතව ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයාගේ දේශපාලන වාර්තාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත

ගත වූ වසර 5 තුළ ගෝලීය ආර්ථික පුනරුදය මන්දගාමී තත්ත්වයක පැවති නමුත් චීන කොමියුනිස්ට් පක්ෂය නව සංවර්ධන සංකල්ප අනුගමනය කරමින් වර්ධන ආකාර වෙනස් කිරීම මගින් චීන ආර්ථිකය සුවිශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත. 
චීනයේ දළ දේශීය නිෂ්පාදන සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 80කට ළඟා වී තිබේ. ලෝක ආර්ථික වර්ධනයට දායක වීමේ අනුපාතය සියයට 30 ඉක්මවා ඇත. ආර්ථික රාමුව අඛණ්ඩව යහපත් කරමින් ඩිජිටල් ආර්ථිකය ඇතුළු නව කර්මාන්ත වේගවත්ව වර්ධනය වෙමින් පවතී. කෘෂිකර්ම නවීකරණය ස්ථිර ලෙස ඉදිරියට ගමන් කරමින් පවතී. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ කැපී පෙනෙන සාර්ථකභාවයක් ලබා ගෙන තිබේ. දකුණු චීන මුහුදේ දූපත් සංවර්ධනය සක්‍රීය වෙමින් පවතී. චීනයේ විදේශ වෙළෙඳාම හා ආයෝජනය සහ විදේශ විනිමය සංචිතය ලෝකයේ ඉහළ මට්ටමක පවතී.
ගෙවි ගිය වසර පහ තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ පරමාදර්ශය හා විශ්වාසය පෙරට වඩා ස්ථිර වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත දේශපාලන වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය. පක්ෂ පාලනය පිළිබඳ දේශපාලන වගකීම විවිධ තලවල ක්‍රියාත්මක කරමින් පක්ෂ රෙගුලාසි නොකඩවාම පරිපූර්ණ කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකි වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ මැඬලීමේ අරගලය ඉතා ප්‍රබල නැඹුරුවක් බිහි කරමින් ස්ථීර ආකාරයෙන් ඉදිරියට ගෙන යමින් පවතින බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයාගේ දේශපාලන වාර්තාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත

චීනය කව‍රාකාරයේ සංවර්ධන මට්ටමක් ළඟා කර ගත්තද කිසිවිටෙක ආධිපත්‍යය හෝ ව්‍යප්තාකාරයෙන් ක්‍රියා නොකරන බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

නව යුගයට පිවිසෙන චීනය ස්වාධීන හා සාමකාමී විදේශ  ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරයි. ඒ ඒ රටවල්වල ජනතාවට ස්වෛරීභාවයෙන් තම සංවර්ධන මාර්ග තෝරා ගැනීමේ අයිතියට ගරු කරන චීනය ජාත්‍යන්තර සාධාරණ හා ධර්මිෂ්ඨ බව සුරක්ෂිත කර වෙනත් ර‍ටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විරුද්ධ  බව ද  ඉන් අවධාරණය කෙරේ. වෙනත් රටක ප්‍රතිලාභය කැප කර සිය රට සංවර්ධනයට චීනය ක්‍රියා නොකරයි. එහෙත් සිය නීත්‍යනුකූල අයිතිය අත් නොහරිමින් ජාතිකාරක්ෂක ප්‍රතිපත්තිය චීනය අනුගමනය කරන බව ෂී ජින්පිං මහතා සිදු කළ එම වාර්තාවේ යළි අවධාරණය කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති