චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන 18 වැනිදා පෙරවරු 9ට බෙයිජිං නගරයේදී ඇරඹේ

2017-10-16 17:00:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන 18 වැනිදා පෙරවරු 9ට බෙයිජිං නගරයේ මහජන මහ ශාලාවේදී ආරම්භ කිරීමට තීරණය කෙරේ.

චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය, හන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ රුසියානු භාෂාව මඟින් සම්මේලනයේ සමාරම්භක සැසිය පිළිබදව සජීවි විකාශනය සිදු කිරීමට නියමිතව තිබේ. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ චීන භාෂා ජගත් ගුවන් විදුලිය, ඉංග්‍රීසි ජගත් ගුවන් විදුලිය සහ රුසියානු භාෂා ගුවන් විදුලිය ඇතුළු විද්‍යුත් මාධ්‍ය වේදිකාවන් සහ ChinaRadio ජංගම දුරකථන ඇප් මඟින් එම සමාරම්භක සැසිය සජීවීව විකාශය කෙරේ.

මේ අතර, චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ හන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, සිංහල භාෂාව, නේපාල භාෂාව, උර්දු භාෂාව, දෙමළ භාෂාව සහ බංග්ලා භාෂාව ඇතුළු භාෂා 40කින් ChinaNews、ChinaTV යනාදී බහු භාෂාවන්ගෙන් යුතු ජංගම දුරකථන ඇප් සහ facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා එම සම්මේලනයේ  අලුත් ම තොරතුරු ලබාදීමට කටයුතු යොදා ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති