චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාවේ හත් වැනි පූර්ණ සැසිය පිළිබඳ නිළ නිවේදනය එළි දැක්වෙයි

2017-10-14 20:13:01
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාවේ හත් වැනි පූර්ණ සැසිය පසුගිය බදාදා සිට සෙනසුරාදා දක්වා චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්විණ.

එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන 18 වැනිදා පැවැත්වීමට තීරණය කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ පැවරීම මත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කාර්ය වාර්තාව ප්‍රකාශයට පත් කළේය.

මේ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාව සහ මධ්‍යම විනය පරීක්ෂණ සභාව භාර දුන් කාර්ය වාර්තා දෙක චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත ඉදිරිපත් කිරීමට අවසර ලැබී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධනයක් ද චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත යොමු කෙරෙනු ඇත.

එම ලේඛන තුන චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

වර්තමාන තත්ත්වය හා වගකීම සමස්ත වශයෙන් විශ්ලේෂණය කරමින් අලුතින් උදාවන ඓතිහාසික ලක්ෂණයන්ගෙන් යුතු ‍විශිෂ්ට අරගලයක යෙදීම මෙන්ම චීන ජාතික අභිවෘද්ධියේ විශිෂ්ට සිහිනය සැබෑ කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී පුළුල් මට්ටමෙන් අදහස් හුවාමරු කර ගැනීම ද සිදු විය. එළඹෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙනුවෙන් පූර්ණ සූදානම් කටයුතු එම සැසියේදී සහතික කෙරිණ. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති