චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණ ජාත්‍යන්තර මාධ්‍යයන්හි පොදු අවධානයට ලක් වෙයි

2017-10-14 18:14:39
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

එළඹෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය උදෙසා ලෝක අවධානය යොමු වී තිබේ.

සිංගප්පූරුව, ජර්මනිය සහ ඉන්දියාව ඇතුළු රටවල මාධ්‍ය ආයතන වාර්තා නිකුත් කරමින් ගෙවි ගිය වසර පහ තුළ චීනය ලැබූ ජයග්‍රහණයන් පිළිබ‍ඳව ඇඟයීම් පළ කර තිබේ.

සිංගප්පූරුවේ Zaobao පුවත්පත ලිපි කිහිපයක් පළ කරමින් ගෙවි ගිය වසර පහ තුළ චීනයේ දූෂණ මැඩලීමේ ප්‍රගතිය පිළිබඳව විශේෂයෙන් ම අවධානය යොමු කළේය

චීනය ලෝකයේ ප්‍රබල රටක් වශයෙන් බිහි කිරීම චීන නායක මණ්ඩලයේ බලාපොරොත්තුවක් බව ජර්මනියේ ද වර්ල්ඩ් පුවත්පත පැවසීය.

පැවැත්වීමට නියමිත චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් චීනයේ ඉදිරි සංවර්ධන දිශාවට මඟ පෙන්වීමක් උදා වනු ඇතැයි එම පුවත්පත සඳහන් කළේය. 

මීට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව නායක මණ්ඩලය තෝරා පත් කර ගැනීමට ජගත් ප්‍රජාවේ ඉහල අවධානයකට ලක්ව ඇතැයි ඉන්දියාවේ The Hindu පුවත්පත වාර්තා කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති