චීනය අද ලෝක ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් --- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් D.E.W ගුණසේකර

2017-10-17 16:11:58
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය අද ලෝක ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් --- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් D.E.W ගුණසේකර

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් D.E.W ගුණසේකර මහතා චීනය ලබා ඇති ආර්ථික සංවර්ධනය පිළිබඳ සිය අදහස් පළ කළා.



“චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීම වෙනුවෙන්, ෂී  ජින් පිං සහෝදරයා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් අපේ පක්ෂයේත්, වමේ ව්‍යාපාරයේත්, ශ්‍රී ලංකාවේ ජනතාවගේත් විප්ලවීය සහෝදරාත්මක සුභ පැතුම් පිරිනමන්න ලැබීම පිළිබඳව, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් මම ඉතාමත්ම සතුටු වෙනවා.

මෙවර සම්මේලනය පවත්වන්නේ ජාත්‍යාන්තර වශයෙන් ප්‍රබල අභියෝග රැසක් තියෙන අවස්ථාවක. ඒ වගේම ඒ අභියෝගවලට මුහුණ දීමට ශක්තිමත් පදනමක මේ වන විට චීනය ඉන්නවා කියන එකත් කියන්න අවශ්‍යයි. විශේෂයෙන් පසුගිය අවුරුදු 40ක කාලය තුළ ඉතා වේගවත් සංවර්ධනයක් ඇති කරගත් චීනය, පළමුව රට අභ්‍යන්තරය ශක්තිමත් කර ගනිමින් ලෝක ප්‍රජාවට සහයෝගය දිය හැකි ස්ථාවර තත්වයක අද වන විට පවතිනවා. මෑතදී ආරම්භ කළ ‘සේද මාවත ආර්ථික ව්‍යාපෘතිය’රටවල් 65 ක් පමණ ආවරණය කරමින්, එමෙන්ම ජාත්‍යාන්තර සංවිධාන ගණනාවක් සහභාගී වන ආකාරයෙන් කටයතු කිරීම අගය කළ යුතුයි. මෙය 18 වැනි ජාතික සම්මේලනයේදී ලබාගත් විශේෂ තීරණ ක්‍රියාත්මක කිරීමක් වශයෙන් අප සළකනවා. මම හිතන්නේ මෙය ආසියාව, අප්‍රිකාව හා යුරෝපය එක් කරන දැවැන්ත ලෝක ආර්ථිකයට ප්‍රබල බලපෑම් ඇති කරන සාධකයක්. ඒ වගේම දැනට ලෝක ප්‍රජාව මුහුණ දෙන අභියෝග විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වය, ජාත්‍යයන්තර ත්‍රස්තවාදය, දරිද්‍රතාව, සමාජ අසමානතාව, ගෝලීය මූල්‍ය අර්බුදය මෙන්ම සරණාගතයින් හා සංක්‍රමණිකයින් පිළිබඳ ප්‍රශ්නය යන මේ සියළු අභියෝගවලට ප්‍රබල විසදුම් චීනය අරගෙන තිබෙනවා. එය ලෝක ජනතාව මවිතයට පත්කර තිබෙනවා. දැනටමත් කොරිඩෝ 6 කින් යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම චීනය කදිම විසඳුමක් සපයා දෙනවා ගෝලීය ත්‍රස්තවාදය සඳහා. අපිට පේන්න තිබෙනවා චීන - පාකිස්තාන කොරිඩෝව. ත්‍රස්තවාදීන්ගෙන් ගහණ වුණ ප්‍රදේශය දැන් මේ කොරි‍ඩෝව හරහා දැවැන්ත ආර්ථික පුනර්ජීවනයක් ඇති කර තිබෙනවා. ත්‍රස්තවාදීන් මෙල්ල කරන්න පමණක් නෙවෙයි, ඔවුන් බොහෝ අය ආයුධ අත්හැර මේ ව්‍යාපෘතිය හා එක්වන තත්වයකට අද පත්වී තිබෙනවා.

දේශීය වශයෙන් ද ජාත්‍යාන්තර වශයෙන් ද ලෝක දළ දේශීය නිෂ්පාදනයට චීනය සියයට 15ක දායකත්වයක් ලබා දෙනවා. ආර්ථික පසුබැස්මක් තිබෙන වෙලාවේ, ඉහළ යන ලෝක ආර්ථික වර්ධනය හමුවේ සියයට 30ක දායකත්වයක් ලබා දෙන්නේ චීනය කියලයි මම හිතන්නේ. මෙය චීනය ලබා ගත් දැවැන්ත ජයග්‍රහනයක්. ඇත්ත වශයෙන්ම ලෝක සංවර්ධනයේදී චීනය තීරණාත්මක සාධකයක් බවට පත්වී තිබෙනවා. චීනයේ මෙවැනි ආර්ථික සංවර්ධනයක් නොතිබුණා නම්, අද ලෝක තත්වය කුමක් වේද කියලා හිතා ගන්න පුළුවන් ද? ඉහතින් සඳහන් කළ අභියෝග හමුවේ චීනය වගේ ශක්තිමත් ආර්ථිකයක් නොතිබෙන්නට ලෝක ප්‍රජාව බරපතල අර්බුද රැසකට මුහුණ දෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සබඳතාව පවතින්නේ විප්ලවයටත් පෙර කාලේ සිටයි. පක්ෂ දෙකේම ආරම්භක නායකයින් සබඳකම් පවත්වා ගෙන ගියේ දෙවන ලෝක යුද්ධය පැවැති වකවානුවේ සිටයි. පසුව, නව චීනය පිළිගැනීම සඳහා අපේ පක්ෂයෙන් විශාල විප්ලවයක් අරන් ගියා. අවුරුදු ගණනක් කළ ගනුදෙණු වල ප්‍රතිඵල විදිහට තමයි, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නැගුණේ. චීනය හා අපි අතර සබඳතාව ඇත්තටම පළමු ශතවර්ෂය තරම් දිවයනවා. චීනය ශ්‍රී ලංකාවේ ඇති සියළු දේශපාලන පක්ෂ සමඟ මේ වන විට සබඳතා ගොඩණගා තිබෙනවා. ඒ නිසා චීන විරෝධයන් නිර්මාණය වීමේ පදනම අද බිඳ වැටී තිබෙනවා. ලොව පුරා පැතිර ඇති ජාත්‍යාන්තර දූෂණය පිටුදැකීමට චීනය ලබා දී ඇති ආදර්ශය අති උතුම්. චීනයේ වර්තමාන ජනාධිපති, පක්ෂයේ නායකත්වය භාරගත් පසුව ඉදිරිපත් කළ දැවැන්ත ව්‍යාපරය හමුවේ ලෝකට මහත් ආදර්ශයක් සම්පාදනය කිරීමට සමත්වී තිබෙනවා. ඒ රට තුළින්ම දූෂණ විරෝධයන් මර්ධනය කිරීමෙන්. සාමය හා සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්තියක් වත්මන් ජනාධිපතිවරයා තම විදේශ ප්‍රතිපත්තියට සම්බන්ධ කර තිබීම ද අගය කළ යුතුයි. ඒ නිසා සෑම රටක් සමඟම සම්බන්ධතා පැවැත්වීමේ හැකියාවක් පවතිනවා. මෙය ලෝකයට චීනය ලබා දුන් නව ප්‍රවේශයක්. චීනය පිටුපසින් සිට ලබා දුන් සහයෝගය හමුවේ අද මැද පෙරදිගට සාමය උදාවීම පිළිබඳව පවතින කතිකාවතත් මතක් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන්, චීනය යන නව ගමනට මම සුභ පතනවා.”




Sugath   Nisansara   Sheng


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති