ඉතිරිය

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාව එතෙර චීන ජනමාධ්‍යවල ඉහළ අවධානයට ලක් වෙයි

ජර්මනියේ Europe Times පුවත්පතේ ප්‍රධාන සංස්කාරක Fan Xuan මහතා වෘත්තීය මාධ්‍යවේදියෙකි

එක් චීනයක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීනයේ සාමය හා එක්සත්භාවය ඉටු කළ යුතු බව අවධාරණය කෙරේ

එක් චීනයක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීනයේ සාමය හා එක්සත්භාවය ඉටු කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං මහතා පවසයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයාගේ දේශපාලන වාර්තාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය අද බෙයිජිංහිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මෙවර සම්මේලනය වෙත දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කළේය

චීනය කිසිවිටෙක ආධිපත්‍යය හෝ ව්‍යප්තාකාරයෙන් ක්‍රියා නොකරන බව අවධාරණය කෙරේ

නව යුගයට පිවිසෙන චීනය ස්වාධීන හා සාමකාමී විදේශ  ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරන බව එම සම්මේලනයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ

චීනයේ විවෘතභාවය ක්‍රමයෙන් පුළුල් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාවට අනුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ස්ථාපිත කිරීම වැදගත් ලෙස සැලකේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මකභාවය හා අධීක්ෂණය තහවුරු කර ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය පියවර ගනී

නීතිමය වශයෙන් රට සම්පූර්ණයෙන් ම පාලනය කිරීම පිළිබඳ නායක කණ්ඩායමක් ස්ථාපනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය පියවර ගනී.
එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මකභාවය හා අධීක්ෂණය තහවුරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෞරවය ද ආරක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ. 

නව යුගයේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී සංකල්පය ප්‍රථම වතාවට එළි දැක් වෙයි

චීන ක‍ොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා අද චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත වාර්තාව ඉදිරිපත් කිරීමේදී මෙම සංකල්පය නිල වශයෙන් හඳුන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු එම සංකල්පය සංවිධානය කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ මැඩලීමේ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඑල අත්කර ගනී

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ මැඬලීමේ අරගලය ඉතා ප්‍රබල නැඹුරුවක් බිහි කරමින් ස්ථීර ආකාරයෙන් ඉදිරියට ගෙන යමින් පවතින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරනය කළේය.

පසුගිය වසර 5 තුළ චීන වැසියෝ මිලියන 60කට වැඩි පිරිසක් දිළිඳුකමෙන් මුදවා ගැනෙති

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලන‍යේදී චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා පැවසුවේ ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධන සංකල්පය අනුගමනය කිරීමෙන් පසුගිය වසර 5 තුළ චීන කොමියුනිස්ට් පක්ෂය දිළිඳුකම තුරන් කිරී‍මේදී තීරණාත්මක ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි. 

චීන කොමියුනිස්ට් පක්ෂය වැදගත් ආර්ථික ජයග්‍රහණ ලබා ගෙන තිබෙන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං මහතා පවසයි

ගත වූ වසර 5 තුළ ගෝලීය ආර්ථික පුනරුදය මන්දගාමී තත්ත්වයක පැවති නමුත් චීන කොමියුනිස්ට් පක්ෂය නව සංවර්ධන සංකල්ප අනුගමනය කරමින් වර්ධන ආකාර වෙනස් කිරීම මගින් චීන ආර්ථිකය සුවිශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත. දළ දේශීය නිෂ්පාදන සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 80කට ළඟා වී තිබේ

HomePrev...2345678NextEndTotal 8 pages