ෂී ජින් පිං මහතාට විවිධ රටවල නායකයින්ගෙන් සුබ පැතුම්

2017-10-28 16:09:40
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ෂී ජින් පිං මහතා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තේරි පත් වීම සම්බන්ධයෙන් විවිධ රටවල පක්ෂ නායකයෝ සුභ පැතුම් පිරිනමති.

එතුමා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් යන යෝජනාව මානව සංහතියේ ප්‍රශ්ණවලට එලදායි විසඳුමක් ලෙස සලකන බවත් චීන ජනතාව සමඟ එක්ව පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බිහි කිරීම සඳහා උත්සාහ දැරීමට සිය රජය හා ජනතාව කැමැත්තෙන් පසු වන බවත් පාකිස්ථාන ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත සුභ පැතුම් පිරිනමින් ප්‍රකාශ කළේය.

ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් චීන ජනතාව චීන ආර්ථික සමෘද්ධිය පොදුවේ විඳිමින් චීන ජාතික පුනර්ජීවන සිහිනය මනා ලෙස සැබෑ කර ගත හැකි බවට සිය විශ්වාසය යැයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ද පැවසීය.

මේ අතර, ෂී ජින් පිං නව යුගයේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී සංකල්පය යටතේ චීනයේ අංගසම්පූර්ණ සංවර්ධනයක් බිහි කරමින් සියවස් ඉලක්ක දෙකක් සාර්ථකව ඉටු කර ගැනීමට හැකි වේවායි සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් පිරිනමමින් ප්‍රකාශ කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ධුරයට ෂී ජින් පිං මහතා යළිත් පත් කිරීමෙන් පිළිබිඹු වී ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව එතුමාගේ නායකත්වයෙහි දැඩි ලෙස රැඳී සිටින බව යැයි නේපාල අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් පිරිනමමින් පැවසීය.

ගෙවි ගිය වසර පහ තුළ, ඔහුගේ නායකත්වයෙන් චීන ජනතාවගේ ජීවන මට්ටම කැපීපෙනෙන සේ වර්ධනය වී ඇති බවත් එය ඉහළින් ඇගයීමකට ලක් වන බවත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා ෂී ජින් පිං මහතා වෙත සුභ පැතුම් පිරිනමමින් ප්‍රකාශ කළේය. පොදු ඉරණමක් සහිත ප්‍රජාව බිහි කිරීම සඳහා දායකවූ කැපවීමට ප්‍රශංසා පළ කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය ඉහළට නංවාලීමට ගෙන එන පියවර හා යෝජනා රාශියක් ඉහළින් අගය කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති