ෂී ජින් පිං මහතාට ලොව පුරා දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සුභපැතුම්

2017-10-27 16:51:02
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ෂී ජින් පිං මහතා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් විවිධ රටවල පක්ෂ නායකයෝ සුභ පැතුම් පිරිනමති.

ඒ අතරින්, ජපාන Komeito පක්ෂ ප්‍රධානී yamaguti natsuo මහතා සිය පක්ෂය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය සාර්ථක නිමාවට පත් වීම සම්බන්ධයෙනුත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ධුරයට ෂි ඡිං පිං මහතා යළිත් පත් කිරීම සම්බන්ධයෙනුත් හෘදයාංගම සුභ පැතුම් පිරිනමයි.

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයට රාජ්‍ය පාලන අත්දැකීම් බහුලව හිමි වන බව යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක Dimitrios Papadimoulis මහතා පවසයි.

ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂය ජාතික ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා සමාජ සංවර්ධනය කොට ජාත්‍යන්තර ස‍හයෝගතාව ඉදිරියට ගෙන යමින් ලෝක ආර්ථික සංවර්ධනය මෙන්ම සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි හෙතෙම ෂී ජින් පිං මහතා වෙත සුභ පැතුම් පිරිනමමින් ප්‍රකාශ ක‍රයි.

යහපත් ජීවිතය උදෙසා ජනතාවගේ බලාපොරොත්තුව තම ඉලක්කය ලෙස සැලකීම චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබේ.

එය වත්මන් චීනයේ ප්‍රධාන ගැටළුව ඇතුළු ප්‍රශ්ණවලට හොඳම විසඳුම බව නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා සුභ පැතුම් පිරිනමමින් පවසයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති