ෂී ජින් පිං මහතාට ලෝක නායකයින්ගෙන් සුභපැතුම්

2017-10-26 14:36:25
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා ලෙසට තේරී පත් වීම සම්බන්ධයෙන් විවිධ රටවල නායකයෝ හා දේශපාලන පක්ෂ නායකයෝ සුභ පැතුම් පිරිනමති.

චීන කොමියුනිස්ට් පක්ෂය රටේ සමාජ හා ආර්ථික සංවර්ධනය සහතික කිරීම සහ ජනතාවගේ සුභ සෙත සැලසීම අතින් දීප්තිමත් ප්‍රගතියක් ලබා ගෙන තිබෙන බව කසක්ස්ථානයේ Nur Otan පක්ෂ සභාපති, ජනාධිපති Nazarbayev මහතා ෂී ජින් පිං මහතාට සුභ පැතුම් පිරිනමමින් පැවසීය.

මිත්‍රශීලී චීනය සමෘද්ධිමත් හා වර්ධනය වනු ඇතැයි එම සුභ පැතුම්  පණිවුඩයේ දැක්වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී සම්මත කෙරුණු තීරණ ක්‍රියාත්මක කිරීමෙන් චීනය තවදුරටත් සමෘද්ධිමත් හා වර්ධනය වනු ඇතැයි රුසියාවේ the United Russia පක්ෂ සභාපති, අග්‍රාමාත්‍ය Dmitri Medvedev මහතා සිය සුභ පැතුම් පණිවුඩයෙන් පවසා ඇත.

මේ අතර ෂී ජින් පිං මහතා මහලේකම්වරයා වශයෙන් වන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ චීනය සංවර්ධන අරමුණු මාලාවක් සම්පාදනය කර තිබෙන බව ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා සුභ පැතුම් පණිවුඩයෙන් කියා සිටියේ ය.

ෂී ජින් පිං මහතා සහ චීන ජනතාවට වාසනාවන්ත හා සෞභාග්‍ය උදා‍ වේවා යැයි හෙතෙම සුභ පැතුම් පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර තිබේ.

ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ලෝක ආර්ථික පුනර්ජීවනය හා කලාපීය සහයෝගතා ප්‍රවර්ධය කිරීමේ වැදගත් ‍බලවේගයක් බවට පත් වී ඇති බව සර්බියානු Srpska napredna stranka පක්ෂ සභාපති, ජනාධිපති Aleksandar Vucic මහතා සිය සුභ පැතුම් පිරිනමමින් පැවසීය.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති