පොදු ඉරණමක් සහිත නව ජාත්‍යන්තර සබඳතාවක් ස්ථාපිත කිරීම ඉදිරියට මෙහෙයවන බව චීන ජනාධිපති ෂී චින් පිං මහතා ප්‍රකාශ කරයි

2017-10-25 14:23:54
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ආරම්භ වීමෙන් පසු ලෝකයේ රටවල් 165කින් ප්‍රධාන පක්ෂ 452ක් එම සම්මේලනයට සුබ පැතැම් පණිවුඩ 855ක් යොමු කර ඇත. ඒ අතරින් රාජ්‍ය නායකයන්, ආණ්ඩුවේ නායකයන්, දේශපාලන පක්ෂ මෙන්ම විවිධ සංවිධාන ප්‍රධානීන් එවන ලද සුබ පැතැම් පණිවුඩ 814කි. මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ෂී චින් පිං මහතා සිය හෘදයාංගම ස්තූතිය පළ කළේය.

සාමය හා සංවර්ධනය ඉතා වැදගත් කොට සලකා චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව ඒ ඒ රටවල ජනතාව සමඟ පොදු ඉරණමක් සහිත නව ජාත්‍යන්තර සබඳතාවක් ස්ථාපිත කිරීමට සක්‍රිය ලෙස අනුබල දෙමින් ලෝක සාමය හා සංවර්ධනය කටයුතුවලට නව දායකත්වයන් ලබා දෙනු ඇති බවද ෂී චින් පිං මහතා පැවසීය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති