2020 වසරේදී චීනය සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් නිර්මාණය කරන බව ෂී ජින්පිං මහතා පවසයි

2017-10-25 13:41:25
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2020 වසරේදී චීනය සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් නිර්මාණය කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා පවසයි. සියළු ජනතාව සුවපහසු සමාජයට ප්‍රවේශ විය යුතු බවත් සියළු ජනතාව පොදු සමෘද්ධිමත් දිශාවේ රැඳී සිටිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය. පොරොන්දු ඉටු කිරීමට දිළිඳුකම තුරන් කිරීම ස්ථිර ලෙස සම්පූර්ණ කළ යුතු ය. සුන්දර ජීවිතය උදෙසා ජනතාවගේ බලාපොරොත්තුව තම ඉලක්කය ලෙස සලකන චීන කොමියුනිස්ට් පක්ෂය එය දැඩි ලෙස තම සිත්හී තබා ගනී. ජනතාව කේන්ද්‍ර කර ගන්නා සංවර්ධන සංකල්පය අනුගමනය කිරීමෙන් විවිධ ජන ජීවිත කටයුතු යහපත් කිරීමට උත්සාහ දරන අතර සියළු ජනතාවගේ පොදු සමෘද්ධිය ඉටු කිරීම ඉදිරියට ගෙන යන බව ෂී ජින්පිං මහතා කියා සිටියේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති