චීනය අධ්‍යාපන සංවර්ධනයට තවත් පියවර ගනී

2017-10-22 18:36:35
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ තවත් මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

 චීනයේ අධ්‍යාපන, සිවිල් කටයුතු, මානව සම්පත් හා සමාජ සංරක්ෂක, ජන නිවාස හා නාගරික සහ ගම්බද සංවර්ධනය, ජාතික සනීපාරක්ෂක හා පවුල් සංවිධාන කටයුතු පිළිබඳ අමාත්‍යංශවල සහ කමිටුවල ප්‍රධානීහු එම මාධ්‍ය හමුවට එක් වෙමින් ඉදිරියේදී චීන රජය ක්‍රියාත්මක කිරීමට සැරසෙන ජන ජීවිත විධිවිධාන විස්තර ක‍ළහ.

  වසර 2020 වන විට පෙර පාසල්, ජ්‍යෙෂ්ඨ මධ්‍යම විද්‍යාල සහ විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමේ අනුපාතය බැගින් සියයට 85ක්, සියයට 90ක් සහ සියයට 50ක් දක්වා  වර්ධනය කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය චෙන් බාඕෂෙං මහතා කියා සිටී.

මේ අතර මානව සම්පත් හා සමාජ සංරක්ෂක අමාත්‍ය යින් වෙයිමින් මහතා ප්‍රකාශ කළේ විශ්‍රාම වැටුප් ආවරණ පරාසය ව්‍යාප්ත කිරීමටත් රජය සතු ප්‍රාග්ධනයෙන් සමාජ සංරක්ෂණ අරමුදල සපිරීමටත් අඛණ්ඩව කටයුතු කරන බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති