චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ දෙවැනි මාධ්‍ය හමුව ‍‍බෙයිජිංහිදී

2017-10-21 18:26:30
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ දෙවැනි මාධ්‍ය හමුව ‍‍බෙයිජිංහිදී පැවැත්වේ. දෙස් විදෙස් මාධ්‍යවේදීහු 290කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. චීනයේ මතවාදී සදාචාර හා සංස්කෘතික සංවර්ධනය පිළිබඳ තොරතුරු එම අවස්ථාවේදී හෙළි දැක්විණ.

නීතිමය වශයෙනුත් සදාචාර වශයෙනුත් ඒකාබද්ධව රට පාලනය කරමින් පෙරට වඩා මනා කාර්යභාරයක් ඉටු කර ගැනීම චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු මතවාදී සදාචාර සංවර්ධනයේ දක්නට ලැබූණු විශේෂත්වයකි.

සංයුක්ති ජාත්‍යන්තර තත්ත්වයට මුහුණ දෙමින් චීනයේ තත්ත්වයට ගැලපෙන සංවර්ධන ක්‍රියාදාමයක්  චීනය සොයා ගනිමින් සිටී. චීන ක්‍රමයෙන් ලැබෙන විශිෂ්ඨ ශක්තිය මෙන්ම චීන සැළැස්මෙන් සඳහන් වන සක්‍රීය අර්ථය, චීන සංකල්පයෙන් උදා වන සංස්කෘතික ආකර්ෂණය මඟින් චීනය පිළිබඳ ජගත් ප්‍ර‍ජා‍වේ අවබෝධය මෙන්ම පිළි ගැනීම ද දිනෙන් දිනම පුළුල් වෙමින් පවතී.

මේ පිළිබඳ කරුණු චීන සංස්කෘතිය පිළිබඳ නිළධාරිහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ෂණ වලට පිරිතුරු දෙමින් ප්‍රකාශ කළහ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති