තම පක්ෂය දැඩි ලෙස පාලනය කිරීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂය ජගත් ප්‍රජාවේ ප්‍රසාදයට ලක් වෙයි

2017-10-20 14:21:00
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

රට පාලනය හා නායකත්වයෙන් ක්‍රි‍‍යා කිරීමේ හැකියාව නොකඩවාම ඉහළ නංවා ගැනීම සඳහා සිය පක්ෂය ස්ථිරව දැඩි ලෙස පාලනය කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ සමාරම්භක උත්සවයේදී ඉදිරිපත් කළ වාර්තාවෙහි සඳහන් වෙයි. සම්පූර්ණයෙන් දැඩි ලෙස තමා පාලනය කිරීම මගින් චීන කොමියුනිස්ට් පක්ෂයට හිමි රාජ්‍ය පාලන හැකියාව කැපී පෙනෙන සේ ඉහළ නැංවීමට ලැබීමෙන් ලත් අත්දැකීම් මගින් විවිධ රටවල පක්ෂවලට ආදර්ශයක් ගත හැකි බව ජගත් ප්‍රජාව අදහස් කරයි.

මෙම පියවර මගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ජාතික දේශපාලන ජීවිතයේ සක්‍රිය වෙනස්කම් මාලාවක් සිදු ව තිබීම  පමණක් නොව එම පක්ෂය සහ චීන ජනතාව අතර සබඳතාව වඩා සමීප වී ඇති බව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් Sitaram Yechury මහතා පෙන්වා දුන්නේය.

චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදය නව යුගයට පිවිසී ඇතැයි ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී ප්‍රකාශ කළේය. එමෙන් ම මෙම සියවසේ මධ්‍යම භාගය වන විට චීනය සමාජවාදී නවීකරණ දැවැන්ත රටක් බවට පත් කිරීම සඳහා වෑයම් දරන ලෙස හෙතෙම චීන කොමියුනිස්ට් පක්ෂ සමස්ත සාමාජිකත්වයෙන් ඉල්ලීමක් කර ඇති බව ඇමරිකානු ඒ පී ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති