චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙනුවෙන් විදේශ නායකයෝ, දේශපාලන පක්ෂ මෙන්ම විවිධ සංවිධාන ප්‍රධානීහූ සුභ පැතුම් පිරිනමති

2017-10-20 13:58:02
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සුභපැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්,කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විශාලතම සහයෝගතා හවුල්කරු චීනය බවයි. ඉදිරියේදී පක්ෂ දෙක අතර අදහස් හුවමාරු කිරීම ශක්තිමත් කරමින් දෙරටේ සබඳතාව ඉදිරියට මෙහෙයවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නේ යැයි හෙතෙම පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව දූෂණ මැඬලීම හා නීත්‍යනුකූලව රට පරිපාලනය කිරීමේදී ඵලදායිකව ක්‍රිය කළ බව ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ සභාපති ආනන්ද ගුණතිලක මහතාගේ සුභ පැතැම් පණිවුඩයේ දැක්වේ. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ පිහිටුවීමේ වසර 100ක සංවත්සරය වන විට චීන අංගසම්පූර්ණයෙන් සැපපහසුකම් සහිත සමාජයක් බිහි කිරීමේ ක්‍රියාවලියට ඉතා වැදගත් පියවර බව හෙතෙම සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති