චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගෙන් සුභපැතුම්

2017-10-19 15:32:35
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් පිරිනමයි.

ගෙවි ගිය වසර 5 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතාගේ බුද්ධිමත් නායකත්වය යටතේ චීන ආර්ථික හා සමාජයීය සංවර්ධනය දැවැන්ත ජයග්‍රහණයන් ලබා ගෙන ඇති බව රනිල් වික්‍රමසිංහ මහතාගේ සුභ පැතුම් පණිවිඩයේ දැක‍්වෙයි. එම කාලය තුළ චීනය ගෝලීය ආර්ථික වර්ධනයටත් ලෝවැසියන්ගේ සුභ සෙත ප්‍රවර්ධනය කිරීමටත් විශිෂ්ට දායකත්වයක් ලබා දී තිබේ. ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ විවිධ රටවල් අතර මෙන්ම ඒ ඒ රටවල් චීනය සමග සහයෝගතා වෙනුවෙන් නව වේදිකා සහ සංවර්ධන අවස්ථා සලසා ඇත. එය විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු  එම වැඩපිළිවෙළට එක් වන රටවල සංවර්ධන මට්ටම නව තලයකට ඉහල නංවාලීමට යහපත් වන බව ද රනිල් වික්‍රමසිංහ මහතාගේ සුභ පැතුම් පණිවිඩයේ සඳහන් වෙයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති