චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාව එතෙර චීන ජනමාධ්‍යවල ඉහළ අවධානයට ලක් වෙයි

2017-10-19 15:07:11
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජර්මනියේ Europe Times පුවත්පතේ ප්‍රධාන සංස්කාරක Fan Xuan මහතා වෘත්තීය මාධ්‍යවේදියෙකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං මහතාගේ වාර්තාවට සවන් දීමෙන් පසු ඔහු කියා සිටියේ එම වාර්තාව චීන කොමියුනිස්ට් පක්ෂය වඩාත් යහපත් කිරීම, පාලනය හා වර්ධනය කිරීමට යොමු කරන උපදේශක ලියවිල්ලක් මෙන් ම ඉතා විද්‍යාත්මක හා සංකීර්ණ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් ද වශයෙන් සැලකිය යුතු බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාව එතෙර චීන ජනමාධ්‍යවල ඉහළ අවධානයට ලක් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය ආරම්භ වූ දිනයේ ඇමරිකානු China Press පුවත්පතේ විධායක ප්‍රධාන සංස්කාරක Liu Xiao dong මහතා ඊට අදාළ ලිපියක් පළ කළේ ය. සමෘද්ධිමත් සමාජයක් අංගසම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමේ ඉලක්කය ජය ගෙන ෂී ජින් පිං මහතා චීනයේ වසර 100ක සෞභාග්‍යය පිළිබඳ සැලැසුමක් සකස් කර ඇතැයි එම ලිපිය සඳහන් කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාව එතෙර චීන ජනමාධ්‍යවල ඉහළ අවධානයට ලක් වෙයි


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති