එක් චීනයක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීනයේ සාමය හා එක්සත්භාවය ඉටු කළ යුතු බව අවධාරණය කෙරේ

2017-10-18 16:08:31
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

එක් චීනයක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීනයේ සාමය හා එක්සත්භාවය ඉටු කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ අද පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී 18වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

එක් චීනයක් ක්‍රම දෙකක් හොංකොං සහ මැකව් මව්රටට ආපසු පැමිණීමෙන් පසු දීර්ඝකාලීන සෞභාග්‍යය සහ ස්ථාවරත්වය සාක්ෂාත් කිරීමට අවශ්‍ය කදිම ක්‍රමවේදයකි.

මෙම ක්‍රමවේදයට අනුව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ වැසියන් හොංකොං පාලනය කිරීම සහ මැකව් විශේෂ පරිපාලන කලාපයේ වැසියන් මැකව් පාලනය කිරීම පිළිබඳ උසස් පෙළේ ස්වයංපාලන ප්‍රතිපත්ති අංග සම්පූර්ණයෙන් අනුගමනය කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

තායිවාන ප්‍රශ්නය පිළිබඳ සඳහන් කරමින් හෙතෙම අවධාරණය කළේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස එකම චීනයට අයත් වන බවයි.කවර හෝ තායිවාන පක්ෂ සහ කණ්ඩායම් චීන මහගොඩබිම සමඟ ඇසුරු කිරීමට බාධා නොමැති නමුත් කවරෙකුට හෝ කවර සංවිධානයකට හෝ කවර පක්ෂයකට හෝ කවර අවස්ථාවකවත් කවර ආකාරයකින් වත් කවර චීන දේශභූමියක් චීනයෙන් වෙන් කිරීමට අවසර නොදෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති