නව යුගයේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී සංකල්පය ප්‍රථම වතාවට එළි දැක් වෙයි

2017-10-18 12:01:36
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව යුගයේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී සංකල්පය ප්‍රථම වතාවට එළි දැක් වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා අද චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත වාර්තාව ඉදිරිපත් කිරීමේදී මෙම සංකල්පය නිල වශයෙන් හඳුන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු එම සංකල්පය සංවිධානය කෙරේ.

2020 වසරේ චීනය සම්පූර්ණයෙන් සුභදායී හා සැපවත් සමාජයක් ස්ථාපනය කිරීම පදනම් කොට ගෙන 2050 පමණ වනවිට චීනය පොහොසත්, ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ඨාචාරාත්මක, සුසන්ගත හා සුන්දරත්ව සමාජවාදී නවීකරණ බලවත් රටක් බවට පත් කිරිම සදහා නව සංකල්පය ඉදිරිපත් කර ඇත.

චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය, මහජනතාව‍ කෙන්ද්‍ර කර ගත් සංවර්ධන චින්තනය අනුගමනය කළ යුතු යැයි ද නව යුගයේ චීන විශේෂ ලක්ෂණ සහිත සමාජවාදී සංකල්පයෙන් නියම කෙරේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති