පසුගිය වසර 5 තුළ චීන වැසියෝ මිලියන 60කට වැඩි පිරිසක් දිළිඳුකමෙන් මුදවා ගැනෙති

2017-10-18 10:40:35
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පසුගිය වසර 5 තුළ චීන වැසියෝ මිලියන 60කට වැඩි පිරිසක් දිළිඳුකමෙන් මුදවා ගැනෙති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලන‍යේදී චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා පැවසුවේ ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධන සංකල්පය අනුගමනය කිරීමෙන් පසුගිය වසර 5 තුළ චීන කොමියුනිස්ට් පක්ෂය දිළිඳුකම තුරන් කිරී‍මේදී තීරණාත්මක ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි. 

ඉන් චීන වැසියන් මිලියන 60කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම දිළිඳුකමෙන් මුදවා ගෙන තිබේ.

1986 වසරේ සිට චීනය දිළිඳුකම තුරන් කිරීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කළේය.

මේ සියවස මුලදී චීනයේ වාර්ෂිකව දිළිඳුකම තුරන් කිරීමේ ජනගහණය මිලියන 6ක් පමණ විය.

පසුගිය වසර 5 තුළ වාර්ෂිකව එම සංඛ්‍යාව මිලියන 10 දක්වා වැඩි වී තිබේ. මෙය පෙර නොවූ විරූ ප්‍රගතියකි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති