වසර දෙදහසක ඉති‍හාසයක් හිමි කාෂිගාර් නගරය

2017-10-10 10:52:06
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සරත් ඍතුවේ සැප්තැම්බර් මාසයේ උදෑසනක ජාතික සංගීත සහ නර්තනයන්ගෙන් සමන්විත උත්කෘෂ්ඨ උත්සවයක් කාෂිගාර් නගරයේ පැරණි ගොඩනැගිලි පිහිටි ප්‍රදේශයට අයත් නැගෙහිර දොරටුව අභියස පැවැත්වුණා. එහිදී වසර දෙදහසක ඉති‍හාසයක් හිමි පැරණි නගරයක් වශයෙන් කාෂිගාර්හී සම්භාවනීය අමුත්තන් පිළි ගැනීමේ විශේෂ වරප්‍රසාදයක් භුක්තිවිඳීමට සංචාරකයන්ට අවස්ථාව ලැබුණා. එම උත්සවය අවසන් වීමෙන් පසු එහි  නළු-නිළියන් ප්‍රාදේශීය ඓතිහාසික ප්‍රකට පුද්ගලයන් ලෙස දැක්වූ රංගනය, සංචාරකයන් කාෂිගාර් නගරයේ පැරණි කොටස වෙත රැගෙන යාමට සමත් වුණා.එමගින් සමස්ත පැරණි කොටස උද්‍යෝගවත් වෙමින් පැවතුණා.

මෙම අද්භූත පැරණි නගරය වයඹදිග චීනයේ ෂින් ච්‍යාං උයිගුර් ස්වායත්තයේ පිහිටා තිබෙනවා. ලෝකයේ විශාලතම නොමේරූ පසින් තැනූ ගොඩනැගිලි සමූහය එම නගරයේ දක්නට ලැබුණා.

වසර දෙදහසක ඉති‍හාසයක් හිමි කාෂිගාර් නගරය

කාෂිගාර් නගරය, අවසාන බටහිර රාජධානි කලාපය සහ ජීවමාන පුරාණ නගරය වශයෙන් ද සැලකෙනවා. වර්ග කිලෝමීටර් 8.36ක විශාලත්වය සහිත මෙම නගරයේ ජීවත් වන වැසියන් සංඛ්‍යාව 2 ලක්ෂ 21 දහසක්.

අදාළ සංඛ්‍යාලේඛණයකට අනුව,පසුගිය ජූලි මාසය වන තෙක් කාෂිගාර් නගරයේ අලුත්වැඩියා කරනු ලැබූ පැරණි ජන නිවාස ගණන 47 දහසක්. පැරණි නගරයේ ගොඩනැගිලි ශෛලිය, ඓතිහාසික වීදි සහ සාම්ප්‍රදායික සාප්පු වෙනස් වී නැති නමුත් එහි පහසුකම් පෙරට වඩා යහපත් වී තිබෙනවා. නගරයේ ජන නිවාස පෙරටත් වඩා සවිමත් වී තිබෙනවා. එමෙන් ම කාෂිගාර් නගරයේ ජාතික සැරසිලි පෙරට වඩා අති සියුම් තත්වයක පවතිනවා.

වසර දෙදහසක ඉති‍හාසයක් හිමි කාෂිගාර් නගරය

කාෂිගාර් නගරයේ පැරණි ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය වැසියන්ගේ ජන නිවාස සුරක්ෂිතභාවය ශක්තිමත් කරනවා පමණක් නොව, ඔවුන්ගේ ජීවනෝපායන් ද වර්ධනය කර තිබෙනවා.

පැරණි ප්‍රදේශය අලුත්වැඩියා කිරීමේදී 6000කට වැඩි සාප්පු ඉදි කරනු ලැබුවා. වර්තමානයේ ඉන් සියයට 80ක් ගනුදෙනුවල නි‍රත වෙනවා. එමගින් කාෂිගාර් නගරවැසියන් 38 දහසකට රැකියා නියුක්තිය සැලසෙනවා‍. වසර 2015හේ ජූලි මස 20 වැනි දා කාෂිගාර් පැරණි නගරය චීන ජාතික සංචාරක දෙපාර්තමේන්තුව විසින් “ඒ 5හේ”මට්ටමේ සංචාරක කලාපයක් බවට පත් කරනු ලැබුණා. එමගින් නගරයේ සංචාරක කර්මාන්තය නව වාර්තාවක් බිහි කළා. පසුගිය වසරේ එහි සංචාරකයන්ගේ වාර ගණන 2 ලක්ෂ 20 දහසක්. ඉන් ලබා ගත් ආදායම යුවාන් 26 ලක්ෂ 66 දහසක්. මෙම සංඛ්‍යාව අදාළ කාලසීමාවට වඩා සියයට 236.5ක වර්ධනයක් බව පෙන්නුම් කෙරෙනවා.

 (U Sheng)

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති