ටිබෙට් ස්වායත්තයේ සංස්කෘතික උරුම සුරැකුම් කටයුතු

2017-09-22 09:01:17
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ටිබෙට් ස්වායත්තයේ සංචාරය කරන විට එහි තිබෙන අලංකාර සුන්දරත්වය සියළු සංචාරකයන්ගේ මතකයේ රැඳී පවතිනවා.එපමණක් නොව එහි විශේෂ ලක්ෂිත ඓතිහාසික සංස්කෘතිය සහ සරුසාර පුරාවාස්තු සම්පත් ද සංචාරකයන්ගේ නෙත් සිත් ඇද ගන්නවා. චීනයේ වැදගත් පුරාවාස්තු සුරැකුම් ප්‍රදේශයක් වශයෙන් ඉපැරණි පුරාවාස්තු ආරක්ෂා කිරීම සඳහා එහි රජය විවිධාකාර පියවර ගනිමින් සිටිනවා.
ලාසා ගංගා නිම්න මධ්‍යයේ පිහිටි පොටාලා මාළිගය බෞද්ධයන්ගේ වන්දනීය භූමියක්.එම මාළිගයේ වන්දනා කුටි,පූජා කුටි,ලැගුම් හා පරිපාලන කුටි ආදී වශයෙන් කාමර නවසිය නවයක් තිබෙනවා.

ටිබෙට් ස්වායත්තයේ සංස්කෘතික උරුම සුරැකුම් කටයුතු

පොටාලා මාළිගයේ නැගෙනහිර ප්‍රවේශ දොරටුවෙන් ඇතුල් වූ විට සුවිශාල එළිමහන් මණ්ඩපයක් දකින්න පුළුවන්.මණ්ඩපයට බටහිරින් සුදු මාළිගය පිහිටා තිබෙනවා.ලාමාවරුන්ගේ ලැගුම් කුටි,සාකච්ඡා ශාලා,අධ්‍යයන ශාලා සහ කාර්යාල පරිශ්‍රයන් ද මෙම මාළිගයේ පිහිටා තිබෙනවා.
පොටාලා මාළිගය ආගමික හා සංස්කෘතික කලාගාරයක් ලෙස හැඳින්වෙනවා.මෙම විස්මිත කලාගාරය නැරඹීම සඳහාත් වන්දනාමාන කිරීම සඳහාත් දිනපතා ම පාහේ සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනවා.සෑම වසරකම ගිම්හාන ඍතුවේ එක් දිනකදී මාළිගය නැරඹීමට අවසර ලබා දෙන්නේ නරඹන්නන් 5000කට පමණයි.

ටිබෙට් ස්වායත්තයේ සංස්කෘතික උරුම සුරැකුම් කටයුතු

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු චීන රජය පොටාලා මාළිගය දෙවරක් ම විශාල පරිමාණයෙන් අලුත්වැඩියා කළා.එක් අලුත්වැ‍ඩියාවක් වසර 1989යේ සිට 1994 දක්වා සිදු කෙරුණා. එම අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් චීන රජය යුවාන් 5කෝටි 50 ලක්ෂයක් වැය කළා. වසර 1994රේ පොටාලා මාළිගය ලෝක සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කෙරුණා. එබැවින් වසර 2001කේ සිට එය යළි වරක් අලුත්වැඩියා කිරීම සඳහා චීන රජය යුවාන් කෝටි 23ක් වැය කර තිබෙනවා.

ටිබෙට් ස්වායත්තයේ සංස්කෘතික උරුම සුරැකුම් කටයුතු

පොටාලා මාළිගය හැරෙන්නට, ටිබෙට් ස්වායත්තයේ තවත් ලියාපදිංචි පුරාවස්තු ස්ථාන 4277ක් තිබෙනවා.ඒවා ඵලදායික ලෙස ආරක්ෂා කිරීම සඳහා ගත වූ වසර 5 තුළ එහි රජය තාක්ෂණික පියවර ගෙන තිබෙනවා.

 (U Sheng)

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති