චීනයේ ච්‍යාං සී පළාතේ ගම්බද ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය

2017-09-18 11:16:19
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ච්‍යාං සී පළාතේ ෆූ ල්‍යාං ප්‍රදේශය ඉතිහාසයේ එදා මෙදා තුර ප්‍රසිද්ධ තේ නිෂ්පාදන කලාපයක්.චීන ඉතිහාසයේ ටාං රජපෙළපත් සමය හෙවත් ක්‍රිස්තු වර්ෂ 7වැනි සියවසේ සිට ම මෙහි නිපදවන තේ ප්‍රසිද්ධ වෙලා තිබෙනවා.එහි කාබනික තේ වත්තකදී සංචාරකයෙකුට තේ කොළ නෙළා එක්රැස් කරන්නට අවස්ථාවක් ලැබෙනවා.එහි පැමිණෙන සංචාරකයන් පිළි ගැනීම සඳහා එම වත්තේ මණ්ඩප කිහිපයක් ඉදි කෙරුණා.

චීනයේ ච්‍යාං සී පළාතේ ගම්බද ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය

ෆූ ල්‍යාං ප්‍රදේශයේ බහුතර ශ්‍රමිකයන් නාගරික ප්‍රදේශයේ සේවය කරනවා.එම කාබනික තේ වත්ත පමණක් සමස්ත ෆූ ල්‍යාං ප්‍රදේශය වෙනුවෙන් රැකියා අවස්ථා ගණනාවක් සපයනවා.එහි දීර්ඝකාලීනව සේවය කරන කම්කරුවන් ප්‍රමාණය 90 ඉක්මවනවා.මීට අමතරව එහි තාවකාලිකව සේවය කරන කම්කරුවෙකුට දෛනිකව යුවාන් 120සේ සිට 180 දක්වා අතර ආදායමක් ලබා ගන්න පුළුවන්.සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමෙන් පෙරට වඩා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි කිසිම සැකයක් නැහැ.

ච්‍යාං සී පළාතේ වූ යුවාන් ප්‍රදේශයේ යැන් ටියැන් ගම්මානය ජනනිවස සංචාරය කෙරෙහි අවධානය යොමු කරනවා. මෑත දශක කිහිපය තුළ චීන ජාතිකයන්ගේ නිවාස පහසුකම් කැපී පෙනෙන සේ වෙනස් වෙලා තිබීම ඊ‍ට හේතු වී තිබෙනවා. බොහෝ නගරවල තරුණයන්ට ගම්බද ජනනිවාස ගැන  සුළු අවබෝධයක්වත් නැහැ. යැන් ටියැන් ගම්මානයේ වසර 100කට වැඩි ඉතිහාසයක් සහිත ජනනිවාස ප්‍රමාණයක් සුරක්ෂිතව තිබෙනවා.එම පැරණි ජනනිවාස එම තරුණයන් ඇතුළු අප්‍රමාණවත් සංචාරකයන් ආකර්ෂණය කර ගන්නවා.

චීනයේ ච්‍යාං සී පළාතේ ගම්බද ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය

සංචාරය වර්ධනය කිරීම අතින් ජනනිවාසවලට සුවිශාල සැඟවුණු ශක්තිය තිබෙනවා. එම ගම්මානයේ පසුගිය මැයි මාසයේ සිට පැරණි ජනනිවාස නවීණ හෝටල් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.එම හෝටල් බැලූ බැල්මට පැරණි ප්‍රතිරූපයේ තවමත් පවතින නමුත් එහි ඇතුළ නවීණ හෝටල් ප්‍රමිති අනුව අලුත්වැඩියා කරනු ලබනවා.වසර 2කට පසු නව ජනනිවාස සංචාරකයන්ට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.  

 

(U Sheng)

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති