කාන්තාරයක් හරහා ලොව ඉදි කළ දීර්ඝතම අධිවේගී මාර්ගය

2017-09-29 15:12:08
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය ඉතාම විශාල රටක්. චීනයේ බෙයිජිං නගරයේ සිට බටහිර ෂින් ච්‍යාං ප්‍රදේශය දක්වා මහ මාර්ගයක් ඉදි කිරීමට විසිවන සියවයේ එවක චීන රාජ්‍ය නායකයෝ අදහස් කළා. එම සංකල්පය මේ වනවිට යථාර්තයක් වී තිබෙනවා.

බෙයිජිං නගරයේ සිට චීන ෂින් ච්‍යාං ස්වයා‍ත‍්යේ Urumchi නගරය දක්වා සමස්ත දුර කිලෝමිටර් 2540 කින් සමන් විත යුත් ජිං ෂින් අධිවේගී මාර්ගය මේ වනවිට ඉදි කෙරෙමින් පවතිනවා. 2019 වසරේ එම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර එම නගර දෙක අතර ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමයි අරමුණ වන්නේ. මාර්ගය ඉදිවීමත් සමග ‍පෞද්ගලික වාහනයකින් ගමන් කළ හැකි දුර ප්‍රමාණය කිලෝමිටර් 1300 කින් අඩු විය හැකි බව වාර්තා වනවා.

එම අධිවේගී මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු බොහෝ අසිරුතාවන්ට මුහුණ දී  තිබෙනවා. ඒ අතරින් චීනයේ ඇතුළු මොංගෝලියා ස්වයාත්ය හරහා ඉදිවන එම අ‍ධිවේගී මාර්ගයේ කොටසක් ලබන මස විවෘත කිරීමට නියමිතයි. එහි දුර කිලෝමිටර් 930 ක්. එම කොටස සම්පූර්ණයෙන්ම කාන්තාරයක් හරහා ඉදිකර තිබෙනවා. කාන්තාරයක් හරහා මෙම ‍මාර්ගය ඉදි කිරීමේදී වැලි වැටිය මාර්ගයට ළගා වීම වැළැක්විය යුතුයි. එහි සෑම වසරකම සාමාන්‍යයෙන් වැලි වැටිය මිටර් 18 ක වේගයෙන් ගොඩ වෙනවා. මේ නිසා ඉදිකළ මාර්ගයට වැලි වැටීම වැළැක් වීමට තීරයක් ඉදි කළ යුතුයි. එමෙන්ම කාන්තාරයේ ජෛවීය පරිසර පද්ධති ද සකස් කළ යුතුයි. මෙහි නිර්මාණය කළ එම තීරය වසර 20 ක කාලයක් භාවිත කළ හැකියි. ඒ විතරක් නොවෙයි, එම තීරය මත විවිධ වැලි ස්ථායිකරණ ශාක වර්ග වගාකර තිබෙනවා. වන සතුන් පසුකර මාර්ගයේ ගමන් කිරීම පහසු කිරීමට එම අධිවේගී මාර්ගයේ ඉදිකළ වි‍ශේෂ පාලම්  සංඛ්‍යාව 450 ක්. එමෙන්ම කිලෝමිටර් 300 ක දුරින් යුතු සුරක්ෂිත ශක්තිමත් වැටක් ද ඉදි කර තිබෙනවා. අධිවේගී මාර්ගය අසල ප්‍රදේශ හා කාන්තාරකරණය පාලනය කිරීමේදී ජෛවීය පරිසරයට හානි නොවන ලෙස ක්‍රියාක්මක කිරීම ඉතා කල්පනාකාරීව සිදුකළ යුතු වනවා.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති