චීනයේ දිළිඳුකම මුදවා ගැනීමේ ව්‍යායාමය පිළිබඳ ගම්මානයක ආදර්ශනය

2017-09-29 15:06:02
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දිළිඳුකම, මානව සංහතිය පීඩාවට පත්කර වන්නක්. ලෝක බැංකුව නිකුත් කළ වසර 2016යේ සංඛ්‍යාලේඛනයන්ට අනුව, ලෝකයේ කෝටි හැත්තෑවක දූප්පත් ජනගහණය සිටිනවා. විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වශයෙන් චීනයේ සිටින දිළිදු ජනගහණය කෝටි 4ක්. 2012 වසරේ කෝටි 8.2කේ සිට මෙම සංඛ්‍යාව මේ දක්වා අඩු කර තිබෙනවා. 2020 වසර වන විට, සියලු දුප්පත් ජනගහණය දිළිඳුකමෙන් මුදවා ගැනීමයි චීන රජයේ අපේක්ෂාව. 

වයඹ දිග චීනයේ නිං ස්යා හුයි ජාතික ස්වයාත්තයේ යැන්චේ කෝරළයේ මල්චුවන් ගම්මානයේ කතන්දරය ඔබට හඳුන්වා දෙන්න අපි කැමති.

මල්චුවන් ගම්මානය පිහිටා තිබෙන්නේ වයඹ දිග චීනයේ කාන්තාර ප්‍රදේශය සහ ලොයෙස් සානුව සම්බන්ධ වන කලාපයේ. එහි සුවි‍ශේෂ බැටළු වර්ගයක් ඉන්නවා. බෙයිජිං ඔලිම්පික් ‍උළෙලේ විශේෂිත ආහාරයක් වෙනුවෙන් ද මෙම බැටළුවන් යොදා ගත්තා. එහි වෙසෙන ගැමියන් පාරම්පරිකව බැටළුවන් පෝෂණය කිරීමෙන් ආදායමක් ලබා ගන්නවා. එහෙත් අයහපත් කාලගුණය, රෝගී තත්වයයන් හෝ වෙළඳ පොළ වෙනස්කම් හේතුවෙන් ගැමියන්ට තනි තනි පවුලක් විදිහට බැටළුවන් ඇතිකිරීම අසීරු දෙයක්. ඒ නිසා එම ගම්මානයේ වැසියන්ගේ ජීවන තත්වය පහළ මට්ටමක පැවතුණා.

දැන් චීන රජයේ දිළිඳුකම පිටු දැකීමේ ප්‍රතිපත්ති නිසා මල්චුවන් ගම්මානය සතුන් බෝකරන සමූහ ප්‍රජාවක් ස්ථාපිත කර විශේෂ ලක්ෂණයෙන් යුත් කර්මාන්තයක් බිහි කර තිබෙනවා. ඒ ප්‍රජාවට එක් වන ගැමියන්ට අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සමූහයක් වශයෙන් වෙළඳ පොළේ අවස්ථා පුළුල් කිරීමට හැකි වෙනවා. 2016 වසරේ එම දිළිඳු ගම්මානයේ ඒක පුද්ගලයකුට වැය කළ හැකි ආදායම (DPI) චීන යුවාන් 8500කට ළඟා වුණා. එම වසරේ ම ඒ ගම්මානයේ දූපත් පවුල් 64කින් 59ක් දිළිඳුකමෙන් මුදවා ගත්තා.

චීනයේ කියමනක් තියෙනවා. මාළු ලබා දෙන එක වෙනුවට මාළු අල්ලන ක්‍රමය උගන්වන එක වාසියි කියලා. එම අරමුණෙන් යුතුව චීන රජය මෙම වසරේ රටේ දිළිඳු ජනගහණය ‍කෝටියකින් අඩු කර ගැනීමට අපේක්ෂා කරනවා. වසර 2020 වන විට, සියලු ජනගහණය දිළිඳුකමෙන් මුදවා  ගැනීමට ද සැළසුම් කර තිබෙනවා.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති