සංචාරක කර්මාන්තයෙන් දරිද්‍රතාව ජයගත් නිරිතදිග චීනයේ “ඡෙංකො” ගම්මානයේ ජනතාව

2017-09-29 14:51:21
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“ඡෙංකො” නිරිතදිග චීනයේ Chongqing නගරයට අයත් කුඩා කෝරළයක්. එම කෝරළය පිහිටා තිබෙන්නේ Chongqing නගරේ ප්‍රධාන නගරබද ප්‍රදේශයේ සිට කිලෝමිටර් 400 ක් දුරින් පිහිටි කඳු ප්‍රදේශයක. කඳු ප්‍රදේශයක් නිසා එහි දිළිඳුකම තුරන් කරමින් ආර්ථිකය දියුණූ කිරීම ඉතාම අපහසුයි. නමුත්, මෙය කදු, වනාන්තර හා ඇළ මාර්ග යන ස්වභාවික සම්පත් අතින් ඉතාම පොහොසත්. එම කෝරළයේ සමස්ත වන ආවරණ අනුපාතය සියයට 70 ක් පමණ වනවා. ජෛව පරිසර ගුණත්මකභාවය ඉතා යහපත් නිසා ජෛවීය සංචාරය දියුණු කිරීමට එම කෝරළය සුදුසු තැනක් බව කිව හැකියි.

පසුගිය වසර කිහිපය තුළ ඡෙංකො කෝරළයේ කුඩා සංචාරක නිවාස ව්‍යපෘතියක් ආරම්භ කළා. චීන රජයේ සහය ඇතිව සංචාරක කර්මාන්තය සංවර්ධන කිරීමේ අරමුණින් ඒ සදහා සුදුසු ගම්මාන සංචාරක ගමනාන්ත ලෙස ඊට අදාළ පහසුකම් ලබා දී ඉදි කරණු ලැබුවා. ඊට පෙර දිළිඳු තත්වයෙන් ජීවත් වු ගමේ දුප්පත් ගම් වැසියන්ට මේ නිසා සංචාරක කර්මාන්තයට පිවිසීමට අවස්ථාව හිමි වුණා. මේ අතර, නව රැකියා අවස්ථා ද  ලැබුණා. ඔවුන්ගේ පැරණි නිවාස සියළු පහසුකම් සහිතව නව සංචාරක නිකේතන බවට පත් කළා.වසර 2016 වන විට ගමේ පුවල් 1200 ක් නිවාස මේ සංචාරක ව්‍යපෘතියට සහභාගි වූණා. ඔවුන්ගේ නේවාසිකාගාරවල ඇඳන් දස දහසක් පමණ දැන් තිබෙනවා. 2016 වසරේ ඡෙංකො කෝරළය සංචාරක කර්මාන්තයෙන් උපයනු ලැබූ අදායම චීන යු අන් මිලියන 390ක්. 5000 ක් පමණ වන ග්‍රාමිය ජනතාව සංචාරක කර්මාන්තයේ රැකියා නියුක්ති වු නිසා දිළිඳු බවින් මුදා ගැනීමට අද හැකි වී තිබෙනවා. ඉදිරියේදී සංචාරක නිකේතන 15 ක් ඉදි කරමින් සංචාරකයන් මිලියන 2 ක් පමණ මෙම ප්‍රදේශයට ආකර්ෂණය කර ගැනීම ඡෙංකො කෝරළයේ ජීවත් වන ජනතාවගේ අනාගත අපේක්ෂාවයි.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති